අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉස්ලාම් සංස්කෘතික සම්ප්‍රදායට ගරු කරමින් මලාලා යූසෆ්සායි විවාහය දිවියට…

by editor
නොවැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චතුර රුවන් වීරක්කොඩි –

එක්සත් ජාතීන්ගේ ලාබාලතම දූතවරිය වූ නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසෆ්සායි ඊයේ (10) එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වුණ ඉස්ලාම් ආගමික උත්සවයක් මධ්‍යයේ සිය සහකරු සමඟින් විවාහ ජීවිතයට එළැඹියාය.
ඉස්ලාම් ආගමික චාරිත්‍රානුකූලව මනාලයා සහ මනාලිය විවාහයට කැමැත්ත ප්‍රකාශ කරන්නේ “නිකා” නමින් හැදින්වෙන උත්සවයකදී ය. අසර් මලික් සහ මලාලා සූසෆ්සායි ඊයේ (10) විවාහ වූයේ එවන් උත්සවයකදීය.
තවමත් වයස අවුරුදු විසිහතරක්වන මලාලා ඒ දවස ගැන බෙහෙවින් සතුටු වන බව ප්‍රකාශ කර සිටියාය. “අසර් සහ මම දිවි ඇති තුරාවට සහකරුවන් වශයෙන් ජීවත්වෙන්නට පොරොන්දු වූවා” යනුවෙන් ඇය ට්වයිටර් පණිවුඩයක් ද තබා ඇත.
අසර් මලික් සහ මලාලා සූසෆ්සායි
පසුගිය ජුලි මාසයේ වෝග් සඟරාවෙන් කළ සම්මුඛ සාකච්ඡාවක දී ඇය මෙසේ පැවසූ සමහරක් ඉස්ලාම් ආගමිකයන් අතර කතාබහට ලක්විය.
“ඇත්තටම මිනිස්සු විවාහ වෙන්න ඕන ඇයි කියල මට තාමත් තේරෙන්නේ නෑ. අපේ ජීවිතේට තව කවුරුහරි හවුල් කරගන්න ඕනනම් ඒකට කසාද සහතිකයක් අත්සන් කරන්න ඕනි ඇයි ?. සහකරුවො වගේ  කසාද නොබැඳ ජීවත් වෙන්න බැරිද “
එසේම ඇය මෙසේ ද පවසා තිබුණාය.
“ඒක මං අම්මට කිව්වම ඇය කියනවා විවාහය හරිම ලස්සන දෙයක්. ඔයාට විවාහ වෙන්නම වෙනවා. අර වගේ දෙයක් ගැන හිතන්නවත් එපා.”
කෙසේ වෙතත් ඇයගේ විවාහ උත්සවයට දහස් ගණනින් සුබපැතුම් එක්කර තිබේ.
විවාහයට පිළිපන් මොහොත….
මලාලා යූසෆ්සායි ලොව ලාබාලතම සාම දූතවරිය වන්නේ විශාල කැපකිරීම් සමුදායක එක් ප්‍රතිඵලයක් වශයෙනි. ඇය වසර 10කට ඉහතදී පටන්ම ලෝකයේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වෙමින් ආ යුවතියකි. කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය උදෙසා හඬනැගීම නිසාවෙන් තලේබාන් අන්ත වාදීන්ගේ තාඩන පීඩනවලට ලක් වූ සිසුවියකි.
2012 වසරේ එක් දිනක ඇය ගමන් කළ පාසල් බස් රථයට ගොඩ වූ එක් තලේබාන් අන්තවාදියෙක් මලාලාගේ හිසට සහ ගෙල ප්‍රදේශයට පහර දී හිසට වෙඩි තබා පලා ගියේය. වෛද්‍යවරුන්ගේ විශාල කැපකිරීම් මත ජීවිතය රැකගන්නට සමත් වූ මලාලා ඉන්පසුව එක්සත් රාජධානියේ බටහිර මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශයට සංක්‍රමණය වූයේ මරණ තර්ජන හමුවේ ආරක්ෂාව පතාය.
එක්සත් රාජධානියේ රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධ වෙමින් නැවතත් පාකිස්ථානයේ කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය දිනාදීම වෙනුවෙන් විප්ලව කරන්නට වූවාය. ඇගේ විප්ලවය තව තවත් ශක්තිමත් කරමින් පාකිස්ථානයේ කාන්තාවන් ඈ සමඟ පෙළගැසුණු අතර එම වසරේ පාකිස්ථානයේ ප්‍රථමවරට ජාතික තරුණ සාම ත්‍යාගයකින් ඇය  පිදුම් ලැබුවාය.
2013 දී යුරෝපා පාර්ලිමේන්තුව වෙතින් ඇයව සකාරෝ ගෞරව සම්මානයෙන් පුදනු ලැබූ අතර නිව්යෝක් නුවර පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උත්සවයකදී ලොව ලාබාලතම සාම දූතවරිය ලෙස නම් කරනු ලැබීය. ඉන් වසරකට පසු එනම් 2014 වසරේදී නොබෙල් සාම ත්‍යාගයද දිනාගනිමින්, එම ත්‍යාගය දිනාගත් ලාබාලම තැනැත්තිය වන්නටද වරම් හිමිකර ගත්තාය. එවිට ඇයගේ වයස අවුරුදු 17කි.
දෙවන මව්බිමෙහි සිට පළමු මව්බිමෙහි කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් නිරතුරුවම සටන් කළ ඇය දිගින් දිගටම කියා සිටියේ කාන්තාවන්ගේ නිදහස අධ්‍යාපනය විසින් සිරකරගෙන සිටින බවයි.
උසස් අධ්‍යාපන කටයුතු සඳහා ලෝකයේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වූ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයයට ඇතුළු වූ ඇය උපාධිය ලබාගත්තාය. ඉන් පසුව ඇෆ්ගනිස්තාන  සරණාගතයින්ගේ මූලික අයිතීන් ලබාදීම කෙරෙහි වැඩි දායකත්වයක් ලබා දෙන්නට ඇය උනන්දු වූවාය.
ගැහැණු ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා BBC වැනි ආයතනවලට වාර්තා වැඩසටහන් නිර්මාණය කිරීම, Apple Tv සමඟ  ගිවිසුමකට එළැඹීම, බ්‍රිටිෂ් වෝග් සඟරාවේ කවරයට පෙනී සිටීම වැනි ක්‍රියාකාරකම්වල නිරත වී තිබේ.
|

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීන පොහොර සමාගම තුන්වන පාර්ශවයකින් ගත් වාර්තාවක් දෙයි ! අහිතකර දේ නෑ කියයි !

Next Post

කොළඹ නුවර පාර ගැන තීරණය අද !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.