ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවකුට හානියක් සිදුවී නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර තහවුරු කරයි.
කලාපයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස තානාපති කාර්යාලය උපදෙස් දී ඇති බව තානාපති බණ්ඩාර ප්‍රකාශ කළේය. පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවද ඔහු සඳහන් කළේය.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අඟහරුවාදා සවස ප්‍රකාශ කළේ තමන් වැදගත් හමුදා ඉලක්ක වෙත මිසයිල දුසිම් ගණනකින් පහර දීමට පටන් ගත් බවය.
ඉරානය විසින් මිසයිල 200ක් ඊශ්‍රයාල ඉලක්ක වෙත යොමු කළ බව ඉරාන ජාතික රූපවාහිනිය පැවසුවේය. ඉරානයේ මිසයිල ප්‍රහාරයෙන් පසු මධ්‍යධරණී මුහුදේ ඊශ්‍රායලයේ ගෑස් වේදිකා විනාශ වී තිබිණි.
ඊශ්‍රායලයට එරෙහි ඉරාන ප්‍රතිප්‍රහාර සැමරීම සඳහා බටහිර ආසියාව පුරා ජනතාව වීදි බැස සිටියහ.







