රට තුළ පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් දිනකට පුද්ගලයින් 1 – 2 අතර වාර්තා වූ පෙට්ට්‍රල් පිළිස්සීම් අද වන විට 4 -6 දක්වා වැඩිවී ඇතැයි කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ ගයාන් මුණසිංහ සදහන් කරයි.
මේ තත්ත්වය මතු ඇත්තේ දැනට රටතුල පවතින ඉන්ධන අර්බුධය හේතුවෙන් මිනිසුන් වැඩි වැඩියෙන් ඉන්ධන නිවස තුළ රැස්කර ගැනීම හේතුවෙන් යැයි විශේෂඥවරයා පෙන්වාදේ.
පෙට්ට්‍රල් වැනි ඉන්ධනයන් නිවසක් තුළ තැන්පත් කිරීමෙන් එය යම් හෙයකින් වාෂ්ප වී නිවස පුරා සංසරණය වන බැවින් ලිප පත්තු කිරීමකදී හෝ ස්විචයක් දැමීමේදී හෝ ගිනිගැනිමක් සිදුවිය හැකි බවත් මෙසේ ගිනිගැනීමක් සිදුවුවහොත් සියලුම දේපල හා ජීවිත අළු දූවිලි බවට පත්වීමට ගත වන්නේ ඉතා සුළු කාලවේලාවක් යැයි ඔහු පෙන්වාදේ.







