ඉන්දීය හමුදාවේ චිනාර් බලකාය විසින් ජම්මු සහ කාශ්මීරයේ දැඩි සීත කාලගුණ තත්ත්යෙන් බලපෑමට ලක්ව ඇති දුක්ෂකර ගම්මානයක් වල ජනතාවට සහන සැලසීමට කඩිනමින් කටයුතර කර තිබේ.
මෙහිදී ඉන්දීය හමුදාව විසින් බොනියාර් තෙහෙසිල් හි රෝගාතුර වූ ගම්වාසීන් තිදෙනෙකු හදිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ. මෙලෙස රෝගාතුර වී ඇත්තේ වයෝවෘද පුද්ගලයින් දෙනෙකු සහ කුඩා දරුවෙකු වන අතර ඔවුන්ව හමුදා සාමාජිකයින් මැදිහත් වීම මගින් ඉක්මන් ප්‍රතිකාර වලට යොමු කිරීමට හැකිවී ඇත.
හමුදා වර්තාවන්ට අනුව පසුගියදා පාරෝහී ස්ථාපති ඉන්දීය හමුදා කඳවුරකට ඊට දුරින් පිහිටි ගම්මානයක් වන සුම්වාලි වෙත් අපාදා ඇමතුමක් ලැබී තිබේ. එම පණිවුඩයේ සඳහන්ව ඇත්තේ දැරණු උදර වේදනාවකින් පෙළෙන කාන්තාවක් සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවයි.
මෙහිදී අදාල ගම්මානයට යාම සඳහා සෘජු මාර්ගයක් නොමැති අතර ඊට ලඟාවීමට ඇති සියලුම මාර්ග දැඩි හිමෙන් වැසී තිබිණි. කෙසේ වෙතත් මෙම තත්ත්යන් සියල්ල නොතකර ඉන්දීය හමුදා සාමාජකයින් ගම්මානය පැමිණි හමුදා සමාජිකයින් දැඩි වේදනාවෙන් සිටි කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සම්ත්වූහ.
කෙසේ වෙතත් අදාල කාන්තාව රෝහල වෙත ගෙනයන අතරතුරදී හමුදා සාමාජිකයින් වෙත තවත් ඇමතුමක් ලැබී තිබූ අතර එහිදී දැඩි විජලන තත්ත්වයෙන් පසුවන දරුවකුද රෝහල් ගත කිරීමට අවශ්‍ය බවට සඳහන් ව තිබිණි. ඒ් අනුව වහාම ක්‍රියාත්මක වූ හමුදා සමාජිකයින් දරුවා වෙත ගිය අතර ඒහිදී ගමේ තවත් රෝගීන් සිටී දැයි සොයා බලා ඇති අතර ඒහිදී වකුගටු ආසදනයක් ඇති වයෝවෘද්ධ පිරිමි පුද්ගලයෙකු සම්බන්ධයෙන්ද තොරතුර දැනගැනීමට හැකිව තිබේ.
ඒ් අනුව දරුවා සමඟ මෙම පුද්ගලයාද රෝහල් ගතකිරීමට පියවරගෙන තිබූ අතර ඒහි ප්රපලයක් ලෙස ජීවත තුනක් බේරාගැනීමට ඉන්දීය හමුදාවන්ට හැකියාව ලැබිණි.







