අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගෙන ජාතියට තර්ජනය කරන්න එපා… ශ්‍රී ලංකාවට  තමිල්නාඩු මහ ඇමතිගෙන් නොනිල තර්ජනයක්!

by editor
නොවැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරමින් බලහත්කාර ධීවර කොල්ලයක යෙදී සිටින තමිල්නාඩු ධීවර කොල්ලකරුවන් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ ස්ටාලින් ශ්‍රී ලංකා රජයට නොනිල ආකාරයෙන් කෙරෙන තර්ජනාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දීය තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතීන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම  සිය  ජාතියට අභියෝග කිරීමක් බව ස්ටාලින් දන්වා ඇත.

මේ බව දන්වමින්   ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් වෙත ලිපියක් යවන තමිල්නාඩු මහ ඇමතිවරයා, නොවැම්බර් 16 වන දින ධීවරයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ යාන්ත්‍රික බෝට්ටුවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්පත් කර ගැනීම පිළිබඳව සිය අවධානය යොමු කරන බවත් ඒ සම්බන්ධව දැඩි කනස්සල්ල පල කරන බවත් දන්වා ඇත.

තමිල්නාඩුවේ කරයික්කාල්, පුදුකෝට්ටායි සහ නාගපට්ටිනම් දිස්ත්‍රික්කවල පදිංචි මෙම ඉන්දීය ධීවරයින් 14 දෙනා සහ ඔවුන් පැමිණි යාත්‍රා ජාත්‍යන්තර සමුද්‍ර සීමාව තරණය කර යාපනයේ නැදුන්තීව් ආසන්න මුහුදේ මසුන් මරමින් සිටිය දී    පසුගිය බදාදා (16) උදෑසන   ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එහෙත් මේ සිද්ධිය සම්බන්ධව දැඩි ප්‍රකාශයක් ද සහිතව ඉන්දීය විදේශකටයුතු ඇමතිවරයා අමතන තමිල්නාඩු මහ ඇමතිවරයා  පවසන්නේ ඒ සම්බන්ධයෙන් මධ්‍යම රජය වහාම මැදිහත් වී  සාධනීය පියවරක් ගත යුතු බවය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිගින් දිගට සිදුවන මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඉන්දීය මධ්‍යම රජයේ නිල විරෝධය පළ කළ යුතු බව ද තමිල්නාඩු මහ ඇමතිවරයා දන්වා තිබේ.

ඔහු පවසන්නේ මෙම වසර තුළදී පමණක් තමිල්නාඩු ධීවරයින් 198 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙලෙස සිය ධීවරයින් නිතර සිරගත කිරීම, ඔවුන්ගේ බෝට්ටු අත්අඩංගුවට ගැනීම සහ යාත්‍රාවලට සිදු කරන ලද අලාභහානි හේතුවෙන් මුළුමනින්ම ධීවර කර්මාන්තයෙන් යැපෙන බොහෝ ධීවරයින්ගේ ජීවනෝපාය බිඳ වැටී ඇති බව මහ ඇමති ස්ටාලින් කියන්නේය.

ඉන්දීය රජය පාර්ශ්වයෙන් නැවත නැවතත් අභියාචනා කළද ධීවරයින් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදුවන අතර, මේ වන විට තමිල්නාඩු ධීවරයින්ට අයත් බෝට්ටු 100ක් ශ්‍රී ලංකාව භාරයේ පවතින බව ඔහු දන්වා ඇත.

ඉන්දීය ධීවරයින්ගේ සාම්ප්‍රදායික ධීවර අයිතීන් සුරැකීමට තමිල්නාඩු රජය උනන්දු වන බව සහ කැපවන බවට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මෙම ලිපිය හරහා යළි යළිත් අවධාරණය කර තිබේ.

“ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පෝක් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී අපගේ ධීවරයින්ගේ සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය ට ඇති අයිතීන් උල්ලංඝනය කිරීම් අඛණ්ඩව සිදුවන අතර එය ඉන්දියාවට සහ ඉන්දියාවේ ආරක්ෂාවට අභියෝගයක් ලෙස පෙනෙයි. මේ සම්බන්ධයෙන් අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පියවර නැවතත් මෙවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති සියලුම ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ ධීවර යාත්‍රා කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන ලෙසත් මම ඔබෙන් ඉල්ලා සිටිමි”

තමිල්නාඩු මහ අමාත්‍යවරයා ඉන්දීය විදේශ ලේකම් වරයා වෙත දන්වා ඇත.

හිරු – 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අන්තරේ විරෝධතාවයට තැන් දෙකක දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර….

Next Post

මහවැලි ඉඩම් හා අවශේෂ කැලෑ ඉඩම් ප්‍රාදේශීය ලේකම් යටතේ තියන්න එපා!…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.