ශ්‍රියානි විජේසිංහ –
රටතුළ හදිසි තත්වයක් වහාම ප්‍රකාශයට පත්කර කැබිනට් මණ්ඩලය රැස්කර රෝහල් පද්ධතිය තුළ භාවිත කරන ඖෂධ පිලිබඳව වහාම සොයා බැලීමක් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය රජයෙන් ඉල්ලිමක් කරයි.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ බාල ඖෂධ විශාල වශයෙන් මෙරටට ගෙන්වා ඇති බවත් මෙය හරියට එල්ටීටීඊ සංවිධානය මගින් රටපුරා බෝම්බ අටවා තිබූ කාලයට සමාන බවත්, කොයි මොහොතක පුපුරා යන්නේද යන්න කවුරුත් නොදන්නා බවත් සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පෙන්වා දෙයි.
උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තරුණියකට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධයක් විසවී ඇති වූ අසාත්මිකතාවකින් ඇය මියයෑම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා මෝඩ පිළිතුරක් ලබා දී ඇති බව කී වෛද්‍ය බෙල්ලන මෙම මරණය ඇය ආහාරයට ගත් කොත්තු නිසා සිදුවූවක් යැයි රෝහල් අධ්‍යක්ෂවරයා නොකීම පුදුමයක් යැයිද පැවසුවේය.
කෙසේ නමුත් ඉන්දීය ණය යෝජනාක්‍රමය යටතේ මෙරටට ගෙන්වා ඇති ඖෂධ සම්බන්ධයෙන් තම සංසදය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ගණනාවක් ඒක්රැස් කර මින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාරදීමට කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.







