අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙරහර කරන්න ඕන නම් විදුලි බිල   ගෙවන්න… ඉතිහාසයේ පළමු වරට විදුලිබල මණ්ඩලය ශ්‍රී දළදා මාළිගාවට දන්වයි!

by editor
ජූලි 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවේ ප්‍රධානම රාජ්‍ය උත්සවයක් සේ ගැසට් කර ඇති සිංහලයේ මහා සංස්කෘතික මංගල්‍යය වූ මහනුවර ඇසළ මහා පෙරහර සඳහා විදුලිය සැපයීමට අවශ්‍ය නම් විදුලිය පිරිවැය සම්බන්ධව තමන් විසින් සකස් කළ පූර්ව ඇස්තමේන්තුවට අදාල  රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ අනූ නව දහස් දහයක (13299010)  මුදල,  සාමාන්‍යධිකාරී විදුලි බල මණ්ඩලය නමින් ලියන ලද  චෙක්පතක් මගින් ගෙවීමට කටයුතු කරන ලෙස දන්වා ඉතිහාසයේ පළමු වරට  විදුලිබල මණ්ඩලය දළදා මාළිගාව සහ සතර මහා දේවාල වෙත ලිඛිතව දැනුම් දී  තිබේ.

මෙම  ඇස්තමේන්තුව  විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්.එස් බණ්ඩාර   ගේ අත්සනින් යුතුව ශ්‍රි දළදා මළිගාවේ දියවඩන නිලමේවරයා ඇතුළු සතර මහා දේවාල බස්නායක නිළමේවරුන් වෙත   යොමුකර ඇත.

පෙරහර වීදී සංචාරය කරන අගෝස්තු 21 සිට 31 දින දක්වා ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය, සතර දේවාල, පෙරහර වීදී සංචාරය කරන ප්‍රදේශ හා ජනතාව ගැවසෙන ස්ථාන වලට අවශ්‍යය අමතර විදුලි ආලෝකකරණ කටයුතු සහ අනෙකුත් විදුලි පිරිවැටුම් කටයුතු සඳහා මෙම පිරිවැය ඇස්තමේන්තුව සකස් කර තිබේ.

මෙම ඇස්තමේන්තුවට අනුව ශ්‍රී දළදා මාලිගාව මගින් ගෙවිය යුතුව ඇති මුදල  රුපියල්  34,12,479 කි. නාථ දේවාලය මගින් රුපියල්  11,22,145  ක් ද විෂ්ණු දේවාලය මගින් රුපියල් 13,68,385 ක් ද කතරගම දේවාලය මගින් 11,02,705  ක් ද පත්තිනි දේවාලය මගින් 11,02,705 ක් ද  ගෙවිය යුතු බව විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ.

මහනුවර නගරය තුළ පෙරහර ගමන් ගන්නා සියලුම වීදි ආලෝකරණය සඳහා විදුලි බල මණ්ඩලය රුපියල් 44,41,273 ක මුදලක් ද ජනක යන්ත්‍රය සඳහා වැයවන මුදල රුපියල්  7,49,215 ක මුදලක් ද වැය කරන බව මණ්ඩලය සකස් කළ ඇස්තමේන්තුවේ දැක් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙයට අනුව පෙරහර වෙනුවෙන් රුපියල් 1,32,99,010 ( එක් කෝටි තිස් දෙලක්ෂ දහයක) මුළු වියදමක් විදුලි බල මණ්ඩලය විදුලි ආලෝකය සැපයීම වෙනුවෙන් වැයකරන බව දැනුම් දී ඇත.

පෙරහර වෙනුවෙන් ශ්‍රී  දළදා මාලිගාව සහ සතර මහා දේවාල ආලෝකකරණය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කළ මුදල  සාමාන්‍යධිකාරී විදුලි බල මණ්ඩලය නමින් ලියන ලද  චෙක්පතක් මගින් ගෙවීම් කටයුතු කරන ලෙස ද විදුලි බල මණ්ඩලය දැනුම් දී තිබේ.

රජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කළ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ විදුලි ආලෝක කටයුතු වෙනුවෙන් මේ ආකාරයෙන් සතර මහා දේවාල වලට මුදල් ගෙවන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාව මෙය බව බස්නායක නිළමේවරු පෙන්වා දෙති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පේරාදෙණියේ දී මිය ගිය තරුණියට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධය විස වී නුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ගත් කාන්තාවක් දැඩි සත්කාර ඒකකයේ!

Next Post

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ රටට ගෙන්වූ බාල ඖෂධ ගැන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලිඛිතව දන්වනවා… වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.