ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ එක්සත් ජනපද සංචාරය චීනය ගැන දෙයක් නොවන බවත්, එය ජාතීන් දෙකක් අතර ඇති ද්විපාර්ශවික සබඳතාවක වැදගත්කම පිළිබඳ ඉන්දියානු ජනතාවට හා ඇමරිකානු ජනතාවට පණිවිඩයක් යැවීමක් බවත් ධවල මන්දිර ජාතික ආරක්ෂක මණ්ඩලයේ උපායමාර්ගික සන්නිවේදන සම්බන්ධිකාරක ජෝන් කර්බි පසුගිය දා පැවසීය.
මාධ්‍ය හමුවකදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා ඇතැයි බිස්නස් ස්ටැන්ඩර්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි.
“රාජ්‍ය සංචාරය චීනය ගැන නොවේ.. ඉන්දියාවට චීනය සමඟ අභියෝග ඔවුන්ගේ දොරකඩ තියෙනවා.. චීනය සමඟ ඇති ගැටලු ඉන්දියාව ඔවුන් විසින් නිහඬවම විසඳා ගනිවී.. ”
ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර හවුල්කාරිත්වය ගැන සඳහන් කළ කර්බි, මෙම සංචාරය අතරතුර, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ අගමැති මෝදි ජාතීන් දෙක අතර හවුල්කාරිත්වය වෙන කවරදාටත් වඩා ගැඹුරු සහ පුළුල් බව නැවත තහවුරු කළ බව අවධාරණය කළේය.







