ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සාමාජිකයන් පත්කර ඇත.
අදාළ ක්ෂේත්‍රවල අත්දැකීම් සහ ප්‍රවීණතාවයන් ඇති පුද්ගලයින් මේ සඳහා පත්කරනු ලැබ සිටී.
මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු එල්.ටී.බී. දෙහිදෙණිය පත් කර ඇති අතර එහි සෙසු සමාජිකයන් ලෙස නිමලසේන ගාර්දිය පුංදිහේවා, තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා, සහ ආචාර්ය ගෙහාන් දිනුක් ගුණතිලක පත් කර තිබේ.
එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයෙකු වන ආර්.එම්.ඒ.එල්. රත්නායක කර තිබෙන අතර, එම්.ඒ.පත්මසිරි චන්ද්‍රවංශ පෙරේරා සහ අමීර් මොහොමඩ් ෆායිස් යන සෙසු සාමාජිකයෝ වෙති.