දිනසේන රතුගමගේ –
ඉන්දියාවේ මණ්ඩපම් සරණාගත කඳවුරේ සිටි දෙමළ වැසියන් නව දෙනෙකු බෝට්ටුවක් මගින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතට ගොඩ බැසීමෙන් පසුව ඩෙල්ෆ්ට් පොලීසිය ඔවුන්ව 10 දා රාත්‍රියේ අත් අඩංගුවට ගෙන තිබේ.
මේ පිරිස 1990 වසරේදී යුද්ධය උග්‍රවීමත් සමගම යාපනය කිළිනොච්චිය හා ත්‍රීකුණාමළය යන පළාත් අතහැර ගොස් ඉන්දියාවේ මණ්ඩපම් සරණාගත කදවුරේ රැකවරණය පතා සිටි පිරිසකි. ඔවුන්ට ආපසු ශ්‍රී ලංකාවට ඒමට අවශ්‍ය නිසා ධීවර බෝට්ටුවකට මුදල් ගෙවා මේ අන්දමට පැමිණි බව පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
පොලීසිය විසින් අත් අඩංගුවට ගත් නව දෙනාගෙන් හතර දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් නිසා ඔවුන්ව ප්‍රතිකාර සදහා ඩෙල්ෆ්ට් රෝහලට ඇතුළත් කොට ඇති අතර අනෙක් පිරිසට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දී ඇත. එම පිරිස පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඩෙල්ෆ්ට් මාවිලිතුරේ ප්‍රදේශයේ නිවසක තාවකාලිකව රඳවා සිටිති. යාපනයේ සිටින සහන නිලධාරීන් ඔවුන්ව තම බාරයට පත් කරණ ලෙස ඉල්ලීමක් කොට ඇතත් පොලීසිය පවසා ඇත්තේ මේ පිරිස නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී ඇති නිසා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇති බවය.
ඩෙල්ෆ්ට් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි. මෙතෙක් කල් වාර්තා වූයේ යාපනයේ සිට ඉන්දියාවට පලා යන සරණාගතයින් වුවත් දැන් නැවත වරක් ඉන්දියාවේ සිට ලංකාවට පනින සරණාගතයින් සම්බන්ධව වාර්තා වී ඇත.







