ශ්‍රියානි විජේසිංහ –
ඉන්දියාවේ කේරළයේ සිට මෙරටට මුහුදු මාර්ගය හරහා හොර රහසේ ගෙන එන ලද රුපියල් කෝට් 4ක වටිනාකමින් යුතු කහකුඩු, හාල්, කොත්තමල්ලි හා රටකජු තොගයක් විනාශ කිරිමට පසුගියදා පියවර ගත් බව වව්නියා මහජන සෞඛ්‍ය පරික්ෂක සඳුන් රත්නායක සඳහන් කරයි.
මෙම ආහාර ද්‍රව්‍ය කෘමී සතුන්ගෙන් ආරක්ෂා කිරීමට එම ආහාර මළුවල කෙළවර විවෘත කරන ලද කෘමිනාශක පැකට් අසුරා තිබීම හේතුවෙන් මෙම ආහාර විනාශ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේය.
මෙම කෘමිනාශක හා ආහාර ද්‍රව්‍ය රජයේ රසපරික්ෂක වරයා වෙත යොමු කිරිමෙන් පසුව කරන ලද පරික්ෂා කිරීමේදී හෙලිව ඇත්තේ මෙම කෘමිනාශක ආග්‍රහණය වීම පවා මිනිසුන්ට මරු කැදවීමට හැකියාව පවතින ඉතා විස සහිත බවින් යුතු බවය. එබැවින් මෙම ආහාර මලු විවෘත කිරිමද අවදානම් බව රස පරික්ෂක කාර්යාලය පෙන්වා දී ඇත.

මෙසේ ගෙන්වන ලද කහ කැබලි ජාඇල ප්‍රදේයේ ඇඹරුම්හලකිනි අඹරා එය වව්නියාව ප්‍රදේශයේදී ඇසුරුම් කර යුරෝපා රටවල් වෙත අපනයනය කිරිමට කටයුතු යොදා ඇති බව කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූයේ යැයි ඔහු පැවසුවේය.







