2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කාලය අවසන් වනවිට අපේක්ෂකයින් 40 දෙනෙකු පමණ ඇප මුදල් තැන්පත් කර මැතිවරණ කොමිසම පවසයි.
අද දහවල් දොලහට ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කිරීම අවසන් වූයේය.
ඊයේ වනවිට අපේක්ෂකයින් 36 දෙනෙක් ඇප තැන්පත් කර තිබිණි. අද උදේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ, ඇප තැන්පත් කළේය.
පිළිගත් දේශපාලන පක්ෂ 20ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 17 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද (14) දහවල් වන විට ඇප මුදල් තැන්පත් කර තිබුණි.
ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ජුලි මස 26වන දින ආරම්භ වු අතර එය මධ්‍යාහ්න 12ට අවසන් කෙරුණි.







