පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.
ඒ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මේ වනවිට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටීම සඳහා ඔහු සතියක කාලයක් ඉල්ලා තිබේ.
ඉන්දීය ජාතික දිනයට සාපේක්ෂව ඉන්දියාවේ ඔඩීසා ප්‍රාන්තයේ කලිංකා කාර්මික විද්‍යාලයේ පැවති උත්සවයකට නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් අද (26) උදෑසන සහභාගී වී සිටියේය.
නාමල් රාජපක්ෂක සමග සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙක් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, සම්පත් අතුකෝරල සහ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මෙම උත්සවයට සහභාගී වී තිබේ.
එහිදී ශිෂ්‍ය භට ආචාර පෙළපාළියකින් ආරාධිත අමුත්තන් පිළිගෙන තිබිණි.







