ශ්‍රී ලංකාවට රැගෙන එමින් තිබියදී ඉන්දියාවේදී අල්ලාගත් කිලෝ 340ක කුඩු තොගය ගොනා කොවිලේ අංජුගේ නැමැති සංවිධානාත්ම පාතාල අපරාධ කරුගේ බව බවට මේ වන විට හෙළිවී තිබේ.
ඉතාලියේ සැඟවී සිටින අංජු ඩුබායි සිටින සිය කළමනාකාරුවන ඇටෝ ධර්මේ සමග එක්ව මෙම මත්කුඩු තොගය පකිස්තානයේ ජාවාරම්කරුවන් හරහා මෙරටට එවා ඇතැයි හෙළිව ඇත.
ඉන්දියාව නාවික හමුදාවේ සහාය ඇතිව ඉන්දියානු මධ්‍යම මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම මත්කුඩු තොගය රැගත් බෝට්ටුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි සිටි ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක් සමගිනි.
එම පස්දෙනාගෙන් 03 දෙනෙක්ම ගොනා කෝවිලේ අංජුගේ මත්කුඩු බෙදා හරින්නන් බවට හඳුනාගෙන තිබේ.







