සමගි ජනබලවේගයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරචිච් අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිසුමේ දී ඇති වූ ගුටිබැට හුවරමාරුව සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ට මන්ත්‍රීවරුන් 07 සහිත කමිටුවක් පත් කරන බව අද (22) කතා නායකවරයා නිවේදනය කළේය.
පූර්ණ පරීක්ෂණයකින් අනතුරුව එම පරීක්ෂණ වාර්තාව මත පදනම්ව අදාල සිද්ධියට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බව කතානායකවරයා කීවේය.
මෙවැනි සිදුවීම් සම්බන්ධව නිසි පියවරක් ගෙන පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කිරීමේ පියවරක් නොගතහොත් ඉදිරියට පාර්ලිමේන්තු සාමාජිකයෙකුට මගට බැස යන්නට නොහැකි වනු ඇතැයි ද, දේශපාලකයන් කෙරෙහි පොදුවේ ඇති වී තිබෙන පිළිකුල මෙවැනි සිදුවීම් නිසා තවත් වැඩිවනු ඇතැයි ද, අද පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.







