විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය වෙනස්ම අභියෝගාත්මක පසුබිමක් නිර්මාණය කරනු පෙනේ. පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ඊයේ පැවති තරගයෙන් අසියානු ශූරියන් වූ ශ්‍රී ලංකාව පරාදය. අද එහි දෙවැන්නය.
ඉන්දියාව නවසීලන්තය හමුවේ ලකුණු 58කින් දැවැන්ත ලෙස පරාදය. කඩුළු 4කට ලකුණු 160ක් ලෙස මුලින්ම පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ඉන්දියාවට ලබා දුන් ඉලක්කය හඹා යෑමට ගොස් ඉන්දියාව හොඳටම ඇනගත්තේය.
ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ අද පැවැත්වුනේ විස්සයි 20 කාන්තා ලෝක ශූරතා තරගයේ සිවුවන තරගය ය. එය ඒ ඛාණ්ඩයේ තරගයකි. කාසියේ වාසිය දිනුවේ නවසීලන්ත කණ්ඩායමය. ඔවුහු පිතිකරණය තේරූහ.
එය කදිම තේරීමක් විය. මුල් කඩුල්ල බිඳෙන්නේ ලකුනු පුවරුව 67 දී ය. පන්දු 46ක් තුළ එම සම්බන්ධතාවය ගොඩනැගි තිබිණි. ආරම්භක පිතිකාරිණිය සුසෙයි බේට්ස් ලකුණු 27කට දැවී ගියාය. නවසීලන්ත පිතිකාරණියන් සියල්ලම සිය වගකීම ඉටු කළහ ජොර්ජියා ප්ලිමර් පන්දු 23ක දි ලකුණු 34කි. නායිකා සොෆියා ඩෙවින් පන්දු 36ක දී නොදැවී ලකුණු 57කි. ඇමීලියා කෙර් ලකුණු 13ක්, බෲක් හෙලිඩේ ලකුණු 16ක් ලැබූහ.
පන්දු ඕවර 20 නිමා වනවිට නවසීලන්ත කණ්ඩායම කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 160ක් රැස් කළෝය. ඉන්දියානු කණ්ඩායමට නවසීලන්ත ක්‍රීඩිකාවන් දුන් ඉලක්කය ලකුණු 161කි. පන්දු යැවීමේ දී ඉන්දියා වෙනුවෙන් රේනුකා සිං කඩුළු 02ක්, අරුන්දතී රෙඩ්ඩි සහ ආශා සෝභනා කඩුල්ල බැගින් ලැබූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඉන්දියානු ක්‍රීඩිකාවන්ට නවසීලන්තයෙන් එල්ලවන්නේ ප්‍රබලම අභියෝගයකි.ඕවර 19ක් තුළ සියලුම ඉන්දියානු ක්‍රිඩිකාවෝ දැවි ගියහ. එමක ක්‍රීඩිකාවක් හෝ ලකුණු 15ක් ලබා ගත්තේ නැත. ඉහළම ලකුණු සංඛ්‍යාව වූ 15 ලබා ගත්තේ ඉන්දිය නායිකා හර්මන්ප්‍රීට් කවුර් ය.
ඉහළම පන්දු යැවීම නවසීලන්ත ක්‍රීඩිකා රෝසමර් මයිර් ය. ඇය ලකුණු 19කට ඉන්දීය කඩුළු 04ක් බිඳහෙළුවාය. ලී ටහූහූ ලකුණු 15කට කඩුළු 03කි. ඒඩ්න් කර්සන් කඩුලු 02ක් හා ඇමේලියා කාර් එක් කඩුල්ලක් බැගින් ලදහ.
දැනට ඒ කණ්ඩායමේ ඉන්දියා ඉන්නේ අපට වඩා පහළිනි. අප 03 තැනය. ඉන්දියා 04ය. දැන් පෙරළියක් අවශ්‍යය. මේ තරගාවලියේ ඉනිම හඹා යෑම පහසු එකක් නොවන බව ඉන්දියාව මෙන්ම ලංකාවත් මින් පෙර පෙන්නුවේය.
දැන් ඊලඟ තරගයට තීරණාත්මක වෙනසක් අවශ්‍යය.







