පරිසර හිතකාමී සංවර්ධන වැඩසහන් ප්‍රවර්ධණය කිරීමේ අරමුණින් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් පසුගියා ප්‍රකාශ කර සිටියේ නව විදුලියෙන් ධාවනය වන වායන සඳහා බදු සහන ලබාදෙන බවයි.
ඒ අනුව මෙතෙක් භාවිතා කළ පැරණි වාහන ඉවතලිමන් ලියිම් අයන් වලින් නිෂ්පාදිත වාහන සහ යන්ත්‍රෝපකරණ ආනයනයට මෙතක් අයකළ තීරුබදු නිදහස් කිරීමට පියවර ගන්නා බවද ඇය පෙන්වා දුන්නාය.
ඉන්දීය මුදල් අමාත්‍යවරිය මෙම නව බදු සහන සම්බන්ධයෙන් අනාවරණය කරනු ලැබුවේ පසුගියදා පැවති ඇය වැය සම්බන්ධයෙන් කළ කතාව අතරතුරදීය.
“පරණ පරිසරය දූෂණය කරන වාහන ප්‍රතිස්ථාපනය කිරීම අපේ ආර්ථිකය හරිතකරණය කිරීමේ වැදගත් අංගයකි. 2021-22 අයවැයේ සඳහන් වාහන ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමේදී මධ්‍යම රජයේ පැරණි වාහන ඉවත් කිරීමට ප්‍රමාණවත් මුදල් වෙන් කර තිබෙනවා. පැරණි වාහන සහ ගිලන්රථ ප්‍රතිස්ථාපනය කිරීමේදී රාජ්‍යයන් ද සහාය ලබාදීම සිදුවෙනවා,” යනුවෙන් අමාත්‍යවරිය පැවසුවාය. කෙසේ වෙතත්, ඇය ඒ සඳහා වෙන් කළ යුතු මුදල් ප්‍රමාණය සඳහන් නොකිරීම විශේෂත්වයකි.
මේ අතර ඇය සඳහන් කර සිටියේ, “පරිසර හිතකාමී වාහන භාවිතය තවදුරටත් දිරිගැන්වීම සඳහා, විදුලි වාහනවල භාවිතා කරන බැටරි සඳහා ලිතියම්-අයන් ආශ්රිත නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ සහ යන්ත්‍රෝපකරණ ආනයනය කිරීම සඳහා තීරු බදු නිදහස් කිරීම දීර්ඝ කෙරෙනවා.” යනුවෙනි.
අදාල තීරණය සම්බන්ධයෙන් ප්‍රකට ආයතනික ශ්‍රේණිගත කිරීම් ආයතනයක ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ සමූහ ප්‍රධානී වන ෂම්ෂර් දේවන් පැවසුවේ ඉන්දීය අයවැයේ බහුවිධ යෝජනා මෝටර් රථ අංශයට හිතකර ලෙස පෙනෙන බවයි. ප්‍රාග්ධන ආයෝජන වියදම් 33% ක තියුණු වැඩිවීමක් පෙන්වන බවද ඔහු පැවසීය.