ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිතිවරණයට අදාළ ව පොලිසියට වැයවන වියදම් ඇස්තමේන්තුව 2018 වසරේදී පවත්වන ලද පසුගිය පළාත් පාලන මැතිවරණයට සාපේක්ෂව තුන් ගුණයකින් පමණ ඉහළ බව මැතිවරණ ආරංචි මාර්ග උපුටා දක්වන ද සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසයි.
මේ අනුව පොලිසිය සිය මැතිවරණ රාජකාරී වියදම් ලෙස රුපියල් මිලියන 2800ක එකම් රුපියල් කෝටි 280ක මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා ඇති බව එම පුවත පත වාර්තා කරයි.
පුවත්පතට කරුණු අනාවරණය කළ මැතිවරණ කාර්යාල නිලධාරියා පවසා ඇත්තේ මැතිවරණ කොමිසම මෙම අති විශාල ඇස්තමේන්තුව සම්බන්ධයෙන් එකඟතාව පළ නොකරන බවත් මේ පිළිබඳව සිය විරෝධය භාණ්ඩාගාරය යොමු කරවන බවත්ය.
පොලිසිය මෙම වියදම් අතුළත් කර ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරී දීමනා. ඉන්ධන වියදම්, වාහන කුලියට ගැනීම, සන්නිවේදන ගාස්තු, ලිපි ද්‍රව්‍ය ගාස්තු ඇතුළු සියලුම වියදම් සලකමිනි.
මෙම වියදම් අතරින් ඇතැම් වියදම් පසුගිය මැතිරණයට සාපෙක්ෂව හය ගුණයකින් පමණ ඉහළ දමා ඇති අතර වාහන කුලියට ගැනීමේ ගාස්තු ලෙස පමණක් රුපියල් කෝටි 74.5ක ඇස්තමේනතු කර තිබේ. මෙය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දක්වා තිබුණේ රුපිටල් කෝටි 13.8ක් සෙය.
එයට අමතරව ඉන්ධන සඳහා රුපියල් කෝටි 67.5ක් අවශ්‍ය බව දක්වා තිබේ.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති පෙලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සදහන් කර ඇත්තේ පොලසිය විසින් ඉදිරිපත් කරන ද ගණන් හිලව් අද රටේ පවතනි සත්‍ය මිල තත්තවය මත ඇස්තමෙන්තු ගත කර ඇති බවය.