ඉන්දීය සහ පකිස්ථාන ජාතික ආපදා ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග එක්ව රට තුළ ආපදා සහන සේවා සැලසීමේ මෙහෙයුම්වල මේ අවස්ථාවේ දී සක්‍රීය වී සිටිති.
ඉන්දිය රජය මගින් මෙරට මුදා ගැනීම් මෙහෙයුම් සඳහා ලබා දී තිබූ ඉන්දිය ගුවන් හමුදාවට අයත් MI 17 හෙලිකොප්ටර් යානයක් මගින් කොත්මලේ නුවර එලිය ප්‍රදේශයේ ආපදා තත්වය හේතුවෙන් සිරවි සිටි පුද්ගලයින් හට වියලි ආහාර 1844 Kg ක් පමණ බෙදා දුන්නෙය.
එමෙන්ම එම ස්ථානයේ සිට තුවාල ලැබූ පුද්ගලයින් හා දරුවන් පිරිසක් බේරා ගෙන ආරක්ෂිතව කටුනායක ගුවන් හමුදා කදවුර වෙත රැගෙන ආවේය.
තවද අද දිනයේ පකිස්ථානු නාවික හමුදාවට අයත් Harbin Z-9 හෙලිකොප්ටරයක් යානයක් මගින් ගංවතුරෙන් පීඩාවට පත් කොලොන්නාව, වැල්ලම්පිටිය, ගම්පහ යන ප්‍රදේශ වල මුදා ගැනීමේ මෙහෙයුම් වල නිරත වෙමින් පුද්ගලයින් 04 දෙනෙකු බේරා ගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන එන ලදී.
අවතැන් වූ ජනතාව වෙත වියලි සලාක බෙදා දිම ද එම යානාව මගින් සිදුකළේය. තව දුරටත් Harbin Z-9 හෙලිකොප්ටරය මගින් මෙහෙයුම් සිදු කරනු ලබයි.
එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (01) රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් සීගිරිය ගුවන් හමුදා කඳවුර වෙත Y–12 ගුවන් යානය මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සිදු කළේය.







