බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු සංචාරයේ දී රට පාවා දෙන කිසිම ගිවිසුමකට අත්සන් කළේ නෑ… විජිත පාර්ලිමේන්තුවේ දී සහතික වෙයි!

by editor
දෙසැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර බලශක්ති සම්බන්ධතා ඇති කිරීම හෝ තෙල් නල එළීම සම්බන්ධව හෝ රට පාවා දුන් කිසිම ආකාරයේ ගිවිසුමකට ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේ දී අත්සන් තබා නැති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (18) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඒ බව ඇමතිවරයා ප්‍රකාශ කළේ තෙල් නල එලීම, ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතිය ඉන්දියාවට සම්බන්ධ කිරීම, එට්කා ගිවිසුම, ඉන්දීය මුදල් ලංකාව තුළ පරිහරණය වැනි රනිල් වික්‍රමසිංහ විසින් දියත් කළ වැඩසටහනට රබර් මුද්‍රාව තබා පැමිණියේ නම් විපක්ෂයේ සිටියදී ඡන්ද ලබා ගැනීම සඳහා ඇති කළ ඉන්දීය විරෝධය ඉල්ලා අස් කරගන්නා ලෙස කළ චෝදනාවට පිළිතුරු දෙමිනි.

ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය මුදල් අමාත්‍ය හර්ෂණ සූරියප්පේරුම හිතේ ඇති අදහස් අතාර්කිකව මුදා හරින්නේ නැතිව ඉන්දීය අගමැතිවරයා හමුවීමෙන් පසු දෙපාර්ශවය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය කියවන ලෙස නලීන් බණ්ඩාරට උපදෙස් දුන්නේය.

මෙහිදී නැගි සිටි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙසේ පැවසුවේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

” ඔබ ඔය කියන කිසිම ගිවිසුමකට අප අත්සන් කලේ නෑ. නමුත් අප රටක් ලෙස බලශක්තිය උත්පාදනය කරමින් අතිරික්ත බලශක්තිය බිම්ස්ටේක් කලාපය තුළ අපනයනය කරනවා කියන ප්‍රතිපත්තිය රටට ප්‍රකාශ කළා. ඒක රටට වාසියක්. ඒ වාසිය මත අප තීන්දු අරන් තියනවා. අප බලශක්තිය නිශ්පාදනය කරනවා සහ බිම්ස්ටෙක් ආර්ථික සහයෝගීතාවය අනුව අතිරික්ත බල ශක්තිය
වෙනත් රටවල්වලට අලෙවි කරන්න ගිවිසුම් අත්සන් කරලා තියනවා. ඒ හැරෙන්න රට පාවා දෙන කිසිදු ගිවිසුමක් අත්සන් කරලා නෑ. ”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

NLDB කිසිම ගොවිපලක් විකුණන්නේ නෑ… රජයේ වැඩපිළිවෙළ නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවට කියයි!

Next Post

කොවිඩ් කාලේ රටට රුපියල් බිලියන 2.2ක් වටිනා රැපිඩ් ඇන්ටිජන් කිට් වැඩිම ප්‍රමාණය ගෙනත් තියෙන්නේ NMRA ලියාපදිංචිය නැති සමාගමක් ! මිස්ටර් ඇන්ටිජන්ලාගේ පැටිකිරිය පාර්ලිමේන්තුවේ දි එළියට…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.