රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ ඉන්දියාවේ අපනයනකරුවන්ට ගෝලීය වෙලඳපොල වෙත වැඩි වශයෙන් තිරිඟු නැව්ගත කිරීමට අවස්ථාව උදා වී ඇතැයි එරට වාර්තා අනාවරණය කර තිබේ.
ලෝකයේ තිරිඟු අපනයනයෙන් හතරෙන් එකකට වඩා ලැබෙන්නේ රුසියාවෙන් සහ යුක්රේනයෙනි.
ලොව විශාලතම තිරිඟු අපනයනකරු වන රුසියාව ජාත්‍යන්තර අපනයනවලින් සියයට 18 කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන අතර ඊජිප්තුව, තුර්කිය සහ බංග්ලාදේශය ඔවුන්ගේ තිරිඟුවලින් අඩකට වඩා මිලදී ගනු ලබයි.
ලොව විශාලතම තිරිඟු ආනයනය කරන්නා වන ඊජිප්තුවේ ආනයනික තිරිඟු ඉල්ලුමෙන් සියයට 70 කට වඩා රුසියාව හා යුක්‍රේනය විසින් ආවරණය කරන නමුත් අර්බුදය හමුවේ ඇතිවන පසුබෑම තුළ තමන්ට වැඩි වාසි හිමිවනු ඇතැයි ඉන්දීය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා තිබේ.
ලොව දෙවන විශාලතම තිරිගු නිෂ්පාදකයා වුවත් ඉහළ දේශීය පරිභෝජනය හේතුවෙන් ඉන්දියාවේ තිරිගු අපනයනය ලෝක තිරිගු අපනයනයෙන් සියයට 1ක පමණ සීමාවේ පවතී.
මෙම තත්වය වෙනස් කරමින් තිරිගු අපනයනය සදහා ප්‍රමුඛත්වයදීමට ඉන්දියාව පසුගිය කාලසීමාවේ පියවර ගනු ලැබිණ.
ඉන්දියාවේ තිරිඟු පිටි මධ්‍යම සංචිතය ටොන් මිලියන 24.2 ක් වන අතර එය අතිරේක සැපයුම සහ උපායමාර්ගික අවශ්‍යතාවලට වඩා දෙගුණයක් වැඩි බව සඳහන් වේ.







