අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ වැඩිම සහල් මිල අඩු කරන්න සඳුදාට බන්දුලගෙන් ගැසට් එකක්…

by editor
ජූලි 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා ඉතිහාසයේ සහල් මිල පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන අද (24) පිළිගත්තේය.

නාඩු කිලෝවක මිල රුපියල් රුපියල් 130 දක්වාත්, සම්බා කිලෝවක මිල රුපියල් 160 දක්වාත්, කීරී සම්බා කිලෝවක මිල රුපියල් 220 දක්වාත් ඉහළ ගොස් ඇති බව ඇමතිවරයා කීවේය.

මේ තත්වය තවදුරටත් පවත්වාගැනීමට කිසිම ඉඩකඩක් ලබා නොදෙන බවත්, ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නාඩු සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් සියයට අඩු අගයක පිහිටුවා ගැසට් කරන බවත් ඇමතිවරයා කීවේය.

එමෙන්ම පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කර ජාවාරම්කාරයින් වැඩි මිලට විකිණීම සඳහා ගොඩගසාගෙන ඇති සහල් තොග රාජ සන්තක කිරීම, උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන පුද්ගලයන් ට මෙතෙක් නියම කළ රුපියල් 2500ක දඩය රුපියල් ලක්ෂය තෙක් වැඩිකිරීම සඳහා අණපනත් සංශෝධනය කර අවුරුදු 3ක ඉදිරි කාලයක් සඳහා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් සියය හෝ ඊට අඩු අගයකට පවත්වා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව ඇමතිවරයා කීවේය.

මාධ්‍ය ඉදිරියේ වෙළෙඳ ඇමතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

“සහල් මිලේ අධික වැඩිවීම පාලනය කර ඉදිරියට පවත්වා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා සහ මා ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කර පොදුජනතාවගේ සහල් මිල රුපියල් 100ට වඩා අඩුකර වර්ෂ තුනක කාලයක් සඳහා පවත්වා ගැනීමට දිගුකාලීන වැඩපිළවෙළක් සකස් කරලා තියනවා. “

“මේ වැඩපිළිවෙළේ එක් අංගයක් ලෙස ලබන කන්නයේ කැපෙන ගොයමේ අස්වැන්න සඳහා උපරිම සිල්ලර මිල නාඩු වී කිලෝවක් රුපියල් 50ක් ලෙසත්, සම්බා වී කිලෝවක් රුපියල් 52ක් ලෙසත්, කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 55ක් ලෙසත් නියම කර තිබෙනවා. ඒ මිලට වී මිලදී ගැනීමට මහා පරිමාණ මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ වී මෝල් හිමියන් එකඟතාවයකට පැමිණියා. එය ලිඛිත එකඟතාවයක් බවට ඉදිරි සතියේ දී පත් කරනවා. “
“ ගොවි ජනතාවට රජය මගින් නියම කර ඇති සහතික මිල සතයක්වත් අඩු නැතිව ලැබෙනවා වගේම ඒ මිලට වඩා වැඩි මිලට විකිණීම සඳහා වී තොග රැස් කරන වෙළෙඳුන්, ව්‍යාපාරිකයන්, ජාවාරම්කරුවන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි පාරිභෝගික ආරක්ෂණ පනත සංශෝධනය කරන්න අපි කටයුතු කරනවා.“

“ ඒ අනුව ගොවීන් සහ වී මෝල් හිමියන් හැර වෙනත් පාර්ශවයන් විසින් රැස් කරන ලද වී තොග තිබුණොත් ඒ වී තොග රාජසන්ත කීරීමේ විධි විධාන නව පනතින් සකස් කරනවා. ඒ නිසා ජාවාරම් කරුවන්ට මෙවර වී තොග රැස් කරලා කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ. “

“මේ කටයුතු කරලා සහල් සඳහා උපරිම සිල්ලර මිල ගැසට් කළ පසු ඊට වඩා වැඩි මිලට සහල් අලෙවි කළොත් සංශෝධිත නීතිය අනුව දැනට වෙළෙන්දෙකුට පනවන දඩය රුපියල් දෙදහස් නොවෙයි, වරදකරු රුපියල් ලක්ෂයක දඩයකට යටත් කරනවා.“

මීට අමතරව කැබිනට් අනුමැතියෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කර වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ තබා ගන්නා බව කී ඇමතිවරයා ගැටලුවක් ඇතිවුවහොත් වහාම එම සහල් තොග උපරිම මිලට හෝ ඊට වඩා අඩු මිලට වෙළෙඳපලට නිකුත් කරන බව කීවේය.

මෙම ක්‍රියා මාර්ග විධිමත් නීති පද්ධතියක් ස්ථාපිත කර ගනුලබන ඒවා බවත් මීට කලින් උත්සාහ කර අසාර්ථක වූ ප්‍රයත්න මෙතැන් සිට අදාල නොවන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. .

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී දළදා වහන්සේගේ තේවාව මල්වතු පාර්ශවයට පැවරේ…

Next Post

සිරස ඇතුළු MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී කැපිටල් මහරාජා අධිපති කිලී මහරාජා කොවිඩ් ආසාදිතව මිය යයි…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.