කොවිඩ් ආසාදිතව කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි කැපිටල් මහරාජා සමූහයේ අධිපති, MBC මාධ්‍ය ජාලයේ ප්‍රධානී රාජේන්ද‍්‍ර රාජ් මහේන්ද‍්‍රන් නොහොත් කිලී මහරාජා අභාවප්‍රාප්ත වූයේය.
කිලී මහරාජා එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙකි. එහෙත් ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් පසු දැඩි සේ අසාධ්‍ය විය. ඔහුට කොවිඩ් නිවුමෝනියා තත්වය අති වී තිබිණි. කොළඹ නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ පෙනහළු දැඩි සේ ආසාදනය වී තිබුණු බව වාර්තා විය.
කොවිඩ් නිවුමෝනියා තත්වයෙන් මිය ගිය කිලී මහරාජාගේ දේහය පිලිබද අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද දිනයේම සිදු කිරිමට නියමිතය.