ඉතාලි රැකියා ලබා දෙන බව පවසමින් රට වටා පුද්ගලයින් ගණනාවකගෙන් රුපියල් මිලියන ගනනක් වංචාකළ බවට චෝදනා ලැබ සිටින ටෙලි නාට්‍ය රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ අජිත් සිසිර කුමාර නැමැති පුද්ගලයෙක් වලාන දූෂණ මර්ධන ඒකකය විසින් කොළඹ කොටුව ප්‍රදේශයේ හෝටලයක දී අත් අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි සිට යළිත් ලංකාවට පැමිණ සිටිය දී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගේ මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙක් කිරිබත්ගොඩ දී අත් අඩංගුවට ගැනීමට ද එම විමර්ශකයින් කටයුතු කර ඇත.
අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වංචා කළ මුදලින් කුමාර ජීවිතයක් ගත කර ඇතැයි හෙළි වී ඇත. අත් අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධව වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබේ.







