අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උණුසුම් ජනතා ප්‍රතිචාර මැද අර්ජුන ක්‍රිකට් ආයතනයට…

by editor
නොවැම්බර් 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා නව ක්‍රිකට් අතුරුපාලක මණ්ඩලය හෝ එහි සාමාජිකයන් සම්බන්ධව දැනුම්වත් නැති බවත්, අද සවස පැවැත්වෙන කැබිනට් රැස්විමේ දී  මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් නොකර ක්‍රියා කිරිම සම්බන්ධයෙන්   කැබිනට් ඇමතිවරුන් කීප දෙනෙක් ක්‍රීඩා ඇමතිවරයාව දැඩිව ප්‍රශ්න කිරීමට සූදානම් වී ඇති බවත් වාර්තාවන පරිසරයක උණුසුම් ජනතා පිළිගැනීමක් මැද   පසුව ක්‍රිකට් අතුරු කමිටුවේ නව සභාපති අර්ජුන රණතුංග   අද (04)  දහවල් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පැමිණියේය.

එව අවස්ථාව අද දෙරණ වාර්තා කර තිබුණේ මෙසේය…


ඊයේ අර්ජුණ රණතුංග විසින් යූ ටියුබ් නාලිකාවක් වෙත  විශේෂ ප්‍රකාශක් කරමින් කියා සිටියේ විසුරුවාහල ක්‍රිකට් පාලක මණ්ඩලය ජනාධිපතිවරයා නතු කරගැනීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජානාධිපතිවරයාගේ විශ්වාසවන්ත සමීපතමයෙක් වූ සාගල රත්නායක   යොදාගත් බවය.

එවැනි ප්‍රකාශයක් කළ දිනට පසු දින ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපතිත්වය සහිතව ක්‍රිකට් පරිපාලනයේ වගකීම භාරගත් අර්ජුන රණතුංගට සහ මෙම අතුරු කමිටුවට  එරෙහිව විරෝධයක් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් අද සවස කැබිනට් මණ්ඩලය තුළ ප්‍රබල විරෝධයක් මතුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත් අද ක්‍රිකට් ආයතනය වෙත පැමිණි අර්ජුණ මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් කීවේ තමන්ට ලබා දුන් වගකීම හරියටම සිදුකර ශ්‍රී ලංකා ක්‍රිකට් සන්නාමය යළි ගොඩනගන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අතුරු කමිටුවේ නව සභාපති අර්ජුන රණතුංග  මෙසේ ද පැවසුවේය.

“ක්‍රීඩා ඇමතිතුමා තමයි ඒක පත් කරලා තියෙන්නේ. මම හිතන්නේ සෑහෙන කාලයක් එතුමා මේ දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ මේ ක්‍රිකට් අද වැටිලා තියෙන තත්ත්වයත් එක්කයි මේ තීරණය ගන්න ඇත්තේ. “

“එතුමා පත්කරපු කමිටුවේ මටත් වගකීමක් භාරදීලා තියෙනවා. මගේ අවධානය වැඩියෙන් යොමු වෙන්නේ ක්‍රිකට් පැත්තට. පරිපාලනය පැත්තට තව කණ්ඩායමක් තියෙනවා. ඒ හරහා අපට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රිකට් ගොඩගන්න. ඒ සඳහා අපේ පුළුවන් සහයෝගය ලබාදෙනවා. මේ පාර අපි එන්නේ මේ ක්‍රිකට් ටික හදලා බ්‍රෑන්ඩ් එකක් හදන්න. “

“ලංකාවේ මිනිස්සුන්නට ක්‍රිකට් එපා වුණා. ලංකාවේ තිබෙන හොරම දූෂිතම ආයතනය මේක බවට පත්වුණා. මේ සියල්ලම වෙනස් වෙලා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ආදරය කරන ක්‍රිකට් කණ්ඩායමක් සහ ආයතනයක් බවට පත් කිරීමට සහ රටට ආදරය කරන ක්‍රිඩකයන් ටිකක් හදා ගැනීම තමා මගේ බලාපොරොත්තුව. “

“මම නීතිය ගැන කතා කරන්නනේ නෑ. මම එකට දක්ෂ කෙනෙක් නෙමෙයි. නමුත් මහජනයාට අවශ්‍ය කරන දේ අද අපට තේරිලා තියෙනවා. අපිට වැඩක් භාරදිලා තියෙනවා අපි එ්ක භාර ගන්නවා. හරියට කරනවා. අපිට යන්න කිව්වොත් අපි යනවා. මේක අපි බලෙන් ඉල්ලගෙන ආපු එකක් නෙමේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවරඑළිය මහේස්ත්‍රාත්වරියට විරෝධය පා නුවරඑළිය පොලිසි අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති!

Next Post

ඉතාලියේ රැකියා දෙන බව කියා මිලියන ගණන් වංචා කළ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.