ඉංග්‍රිසි මොඩියුලයේ සිදුවු ප්‍රශ්නගත දෝෂය හේතුවෙන් අධ්‍යාපන ඇමතිවරිය සිය ධූරයෙන් ඉල්ලා අස් නොවුනේ කුමක් නිසාදැයි නගන පැනයට රජය පාර්ශවයෙන් අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන හා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පිළිතුරු දුන්නේය.
මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද පැවසුවේය.
රජයේ ප්‍රතිපත්තිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක කිරීම. ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය දෝෂ සහිත නම් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ළමයින්ට විරුද්ධ නම් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය රටට විරුද්ධයි නම් තමයි ඇමති තුමිය හෝ රජය ඒ වගකීම භාර අරන් ඉල්ලා අස්වෙන්න ඕන.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරි කියලා, එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කළ එක මොඩියුල් එකක තිබුණු වචනයක දෝෂයක් පදනම් කරගෙන ලොකු කතන්දරයක් ගොතලා ඒ වෙනුවෙන් ආණ්ඩුවට හරි අගමැතිට හරි අදාල විෂය භාර ඇමතිවරයාට හරි ඉල්ලා අස්වෙන්න කියන එකේ සදාචාරයක් නෑ.
මොකද ඒ වචනයේ දෝෂයයි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ අරමුණයි අතර කිසිදු සම්බන්ධතාවයක් නෑ. ඒක තමයි අගමැති තුමියත් අධ්‍යාපන ඇමති තුමිය හැටියට පැහැදිලිවම කිව්වෙ එවැනි ආකාරයේ දෝෂයක් අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලෝපායක් හැටියට කළ එකක් නෙමෙයි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩක් නෑ දරුවන්ට… අපි යන්න ඕන මේ ක්‍රමයටම තමයි කියනවා නම් ඒක වෙන සංවාදයක්. එක මොඩියුල් එකක එක චැප්ටර් එකක එක වචනයක් අල්ලගෙන හදන්න හදන සංවාදය දේශපාලන සංවාදයක් බව තේරුම් ගන්න ඕන.
මොකද මේ කියන කරුණුවලින් එක පැත්තකින් ගම්‍ය කරන්න හදනවා ද කියලා සැකයක් තියනවා අපේ රටේ මේ දරුවන්ට උගන්වන ඉංග්‍රිසි ගුරුවරු කාටවත් මේක අල්ල ගන්න බැරිවුනා. අපි තමයි මේක අල්ල ගත්තේ, ඒ ගුරුවරු මොනවද අපේ දරුවන්ට උගන්වන්න යන්නේ කියන මතයකුත් හදන්න යනවා ද කියලා අපි කල්පනා කරමින් ඉන්නවා.







