සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපල ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය තොගය අල්ලයි! කෝටි 50ක් වටිනා කුෂ් කිලෝ 50ක් කොටු!

by editor
ජනවාරි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කටුනායක ගුවන් තොටුපල  රේගුව විසින් ඉතිහාසයේ අත් අඩංගුවට ගත් වැඩිම මතද්‍රව්‍ය තොගය අද ( 06) අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ  රුපියල් කෝටි 50ක වටිනා කමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක  තොගයකි.

මීට පෙර කටුනායක ගුවන්තොටුපොළ තුළ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස වාර්තා ගත වී තිබුණේ ඉකුත් වසරේ වෙසක් පෝය දින බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවිකාවක විසින් රැගෙන ආ කිලෝ ග්‍රෑම් 46ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයයි.

ගමන් මලු 03ක් තුළ කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 100 කට අධික බරකින් යුතු ඇසුරුම් 48ක් තුළ, මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක ප්‍රමාණය අසුරා සඟවා රට තුළට රැගෙන එන්නට උත්සාහ කර ඇත්තේ මුම්බායි නුවර පදිංචි ඉන්දීයානු පිරිමියෙක් සහ කාන්තාවන් දෙදෙනෙකි.

අද උදෑසන 11.07ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත  පැමිණි මෙම තිදෙනා   ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තයේ දී  අත් අඩංගුවට ගෙන ඇත්තේ හරිත මාවත ඔස්සේ ගමන් කිරීමට උත්සාහ කරද්දීය.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

මෙම පිරිමි පුද්ගලයා  මුම්බායි නුවර දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක සේවය කරන්නෙක් වන අතර කාන්තාවන් දෙදෙනා 25 හැවිරිදි සහ 31 හැවිරිදි වියේ පසුවන මුම්බායි නුවර සේවය කරන පාසල් ගුරුවරියන් දෙදෙනෙකු බව සඳහන් ය.

මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා සමඟ විවාහ වී සිටින අතර අනෙක් කාන්තාව ඔහුගේ නැගණිය බව සඳහන් වෙයි.

ඔවුන් වෙත බැංකොක් සවාරියක් දෙන බවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොරොන්දු වී, මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇති බව රේගු නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 03ක් තුළ කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 100 කට අධික බරකින් යුතු ඇසුරුම් 48ක් තුළ, මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක ප්‍රමාණය අසුරා සගවා තිබී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ඉන්දීය ජාතිකයන් තිදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉංග්‍රිසි මොඩියුලයේ ප්‍රශ්නයට අධ්‍යාපන ඇමතිවරිය ඉල්ලා අස් නොවන්නේ ඇයි?… ආණ්ඩුව උත්තර දෙයි!

Next Post

ප්‍රශ්නගත මොඩියුලය ඉදිරියට දමමින් සමස්ථ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධවම අනවශ්‍ය බියක් ඇති කරන්න එපා… අගමැතිනිය ඉල්ලයි!

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.