ඇෆ්ගනිස්තානයේ කඳුකර නගරයක් වන කුන්දුස්හි පල්ලියක සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් 100 දෙනකු වත් මියගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.
එම ප්‍රහාරය ඇමරිකානු ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් ව ගිය පසු සිදු වූ විශාලතම මාරාන්තික ප්‍රහාරය බව සඳහන් වේ දැනට පල වී ඇති වාර්තා අනුව ෂියා මුස්ලිම් පල්ලියකට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
ඇෆ්ගනිස්ථානයේ සහ උතුරු ප්‍රදේශයේ පිහිටි මෙම නගරයේ සිදුවූ මම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 150 කට වඩා තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෙතෙක් මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකු භාර ගෙන නොමැති වුවද එය සුන්නි මුස්ලිම්වරුන් ප්රමුඛ අයිඑස් කණ්ඩායමක් විසින් ශියා මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ඇති බවට සැක කරයි.
අයිඑස් අන්තවාදී සමූහයේ අයිඑස්කේ නම් ඇෆ්ගනිස්තාන ප්‍රාදේශීය සමූහයක් මේ වන විට තලේබාන් පාලනයට විරුද්ධව දැඩි ප්‍රවේගකාරී ආකාරයෙන් ක්‍රියා කරන අතර ඔවුන් පසුගිය කාලය තුළ බෝම්බ ප්‍රහාර කීපයක්ම සිදු කර ඇති බව සඳහන් වේ.
එයින් මෙම ප්‍රහාරය දැනට එල්ල වූ බරපතළම ප්‍රහාරය බව ඇෆ්ගනිස්තාන වාර්තා සඳහන් කරයි.







