බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ රුධිර කැටිගැසීම් අතර සම්බන්ධය ගැන එංගලන්ත වෛද්‍ය සඟරාව කියයි

by Lanka Sara Editor
අප්‍රේල් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇස්ට්‍රාසෙනෙකා / ඔක්ස්ෆර්ඩ් COVID-19 එන්නත සහ එය ලබා ගත් පුද්ගලයන්ගේ රුධිරය කැටි ගැසීමත් අතර සම්බන්ධයක් පවතින බවට පර්යේෂණ දෙකකම ප්‍රතිඵල මඟින් යෝජනා වී ඇතැයි එංගලන්ත වෛද්‍ය පර්යේෂණ සඟරාවක් වන නිව් එංග්ලන්ඩ් මෙඩිකල් ජර්නල් සඟරාව පවසයි.

එම පර්යේෂණ වාර්තා දෙකක් ප්‍රකාශයට පත් කරමින් ඔවුන් පවසන්නේ ඔස්ට්‍රියාවේ, ජර්මනියේ සහ නෝර්වේහි ඇස්ට්‍රාසෙනෙකා / ඔක්ස්ෆර්ඩ් COVID-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් පසු අසාමාන්‍ය ලෙස රුධිර කැටි ගැසීමේ ආබාධයක් ඇති වූ රෝගීන් වාර්තා වී ඇති බවයි.

ජර්මනියේ ග්‍රීෆ්ස්වෝල්ඩ් හි ප්‍රතිශක්තිකරණ හා රුධිර පාරවිලයන වෛද්‍ය ආයතනයේ පර්යේෂකයන් විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනයට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලැබීමෙන් දින 5 සිට 16 දක්වා අසාමාන්‍ය රුධිර කැටි ගැසීම් හෝ ත්‍රොම්බොසයිටොපීනියා (අඩු පට්ටිකා ප්‍රමාණය) ඇති රෝගීන් 11 දෙනෙක් සම්බන්ධ කර ගැනිණි. රෝගීන් 11 දෙනාගෙන් 9 දෙනෙකු කාන්තාවන් වන අතර, සාමාන්‍ය රෝගීන්ගේ වයස් පරාසය, 22 සිට 49 දක්වා වී ඇත.

එක් රෝගියකුට මාරාන්තික මොළයේ රුධිර වහන තත්ත්වයක් පැවති අතර නව දෙනෙකුට මොළයේ රුධිර කැටි ගැසීම් තත්ත්වයන්ද තිදෙනෙකුට උදරාශ්‍රිත නහරවල රුධිර කැටි ගැසීම් ඇති බව වාර්තා විය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

එයට අමතරව තිදෙනෙකුට පෙණහලු ආශ්‍රිත රුධිර කැටි ගැසීම් නිසා ඇතිවන පෙණහලු ධමනි සහ හතර දෙනෙකුට වෙනත් රුධිර කැටි ගැසීම් ඇති විය. මාරාන්තික අන්තරාසර්ග රක්තපාතයෙන් පෙළෙන රෝගියාට අමතරව රෝගීන් හය දෙනෙක් මිය ගොස් ඇත.

රෝගීන් පස් දෙනෙකු තුළ අභ්‍යන්තර රුධිර කැටි ගැසීම ව්‍යාප්ත වී ඇති අතර මෙම තත්ත්වය ශරීරයේ විවිධ කොටස් වල රුධිර කැටි ගැසීම් ඇති වන අතර කුඩා රුධිර නාල අවහිර කර තිබුණි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව මිලියන 82 කට වඩා වැඩි ප්‍රමාණයක් පසුගිය අප්‍රේල් 7 වන විට යුරෝපයේ දී ලබා දී ඇති බව පර්යේෂකයන් සඳහන් කර ඇති අතර ජර්මනියේ සියලුම එන්නත් වලින් හතරෙන් එකක් සහ ඔස්ට්‍රියාවේ 30% ක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගෙන ඇත.

මෙම එන්නත් මගින් ඇති කරන බව කියන රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වන්නේ පෙබරවාරි මස අගදී බව පර්යේෂකයෝ පවසති.

අනෙක් පර්යේෂනය සිදු කර ඇත්තේ කැනඩාවේ හැමිල්ටන් හි මැක්මාස්ටර්ස් සරසවියේ තියඩෝර් වර්කෙන්ටින් නම් වෛද්‍ය ප්ර්යේෂකයා ඇතුළු කණ්ඩායමයි.

විද්‍යාත්මක කරුණු රැසක් සංසන්දනය කරමින් අවසානයේ පර්යේෂකයන් යෝජනා කර ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෙසනෙකා එනනත සහ රුධිර කැටි ගැසීම් අතර යම් සම්බන්ධයක් පවතින බවයි.

එබැවින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමෙන් දින 5 සිට 20 දක්වා රෝගීන්ගේ උදරය හෝ මොළය වැනි අසාමාන්‍ය ස්ථානවල ශිරා හෝ ධමනි රුධිර කැටි ගැසීම් පිළිබඳව සෞඛ්‍ය සේවා සපයන්නන් විමසිලිමත් විය යුතු බව පර්යේෂකයෝ පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටුවේ පක්ෂ 11ක් ශ්‍රී.ල.නි.ප.ය  සමග මැයි දින සැමරුමට….

Next Post

විවාහක රූ රැජනගේ විවාහයේ ඇත්ත කතාව ගැන සැමියා කියයි…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.