ලෝකයේ ජීවමාන ප්රතිහාර්යයක් බඳු වු සංස්කෘතික මංගල්‍යයවන පෙරහර මංගල්‍යය වෙනුවෙන් හැඟීම් සහිතව සිදුකරන කැපකිරීම නිලධාරීන්ගෙන් ගිලිහී යනු තමන් වහන්සේ විසින් නිරීක්ෂණය කර ඇති බව ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව වදාළේ අද (26) මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ බහු කාර්ය ගොඩනැගිල්ලේ දී පැවති ඇසළ පෙරහැර සංවිධායක කමිටු රැස්වීම අමතමිනි.
උතුම් බෞද්ධ සංකේතයක් වන මහනුවර කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය අවිධිමත්භාවයට නොයවා සිටිමටනම් අවදිමත් හැඟීමකින් යුතුව කැපවීමෙන් කටයුතු කිරීමට කවුරුත් සිතට ගත යුතු යැයිද උන්වහන්සේ ප්‍රකාශ කළ හ.
ලෝකයේ බෞද්ධ රටවල් අතරන් ප්රාතිහාර්යාත්මක සංස්කෘතික මංගල්‍යය ලෙස අද වනතුරු පවතිනුයේ මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය යැයි උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙම මංගල්‍යයෙන් ප්‍රකාශිත සංස්කෘතිය කලාව සහ සම්ප්රදාය රැක ගැනීමට සියලු දෙනා ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් එය ජාතික වගකීමක් කොට සැලකියයුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.පෙරහැර මංගල්‍යය සම්බන්ධයෙන් විශ්වාස පද්ධතියක් ගොඩ නැගෙනුයේ නිශ්ඡිත හේතු සාධක මත බවද පැවසූ උන්වහන්සේ කිසිම අස්ථාවක මේ සංස්කෘතික සම්ප්‍රදයා අවතක්සේරු නොකළ යුතු බව පෙන්වා දුන්හ.







