අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇවෙන්රා ගාර්ඩන් හෝටලය තියෙන්නේ මේ රටේ නීතියට වලංගු නැති වෙනත් රටක ද?.  ඇවෙන්රා ගාර්ඩන්   කුපාඩිකම ගැන  පී.එච්.අයි මහත්තුරු රටට කියති…

by editor
දෙසැම්බර් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ – 

උත්සවය සමය තුළ වඩාත් වැඩිවන අනාරක්ෂිත ආහාර සම්බන්ධව කරන දීප ව්‍යාප්ත වැටලීම් මාලාවක එක් වැටලීමක් ලෙස ඇවෙන්රා ගාර්ඩන්ස් හෝටලය පරීක්ෂා කළ බවත්  පිසූ ආහාර සහ නොපිසූ ආහාර එකම ශිතරකණයක ගබඩා කිරීමේ වරද දෙවන වරටත් සිදුකිරීම හේතුවෙන්   නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට එරෙහිව නින්දිත බොරු චෝදනා සහිත කුමන්ත්‍රණයක් හෝටල් කළමනාකරණය විසින් සමාජගත කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

Upul-Rohana
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

ලංකාවේ සෑම තැනකම සෑම තරු හෝටලක්ම   මෙම වැටලීම්වලට යටත් වූ බවත්,    එම හෝටල්වලට එරෙහිව රටේ නීතිය  ක්‍රියාත්මක කළ අවස්ථාවලදී   අදාල හෝටල් කළමනාකාරිත්වය  නීතියට හිස නැමූ බවත් පවසන සභාපතිවරයා නඩු නොදමන ලෙස බල කරමින්, වැටලීම් සිදුකළ නිලධාරීන්ට අභූත චෝදනා එල්ල කර පැමිණිලි කරමින්  ඇවෙන්රා ගාර්ඩන්ස් හෝටල් පරිපාලනය දේශපාලන බලයක් ද සහිතව  මේ හැසිරෙන ආකාරය අතිශයින්ම පිළිකුල් සහගත බව  පැවසුවේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ  සංගමයේ   සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ මින් මාස දෙකකට පෙර මේ ආකාරයෙන්ම මෙම හෝටලයේ මුළුතැන්ගෙය පරීක්ෂා කළ බවය. එහිදී පිසූ ආහාර සහ මස් වැනි නොපිසූ ආහාර එකම අධිශීතකරණයක් තුළ ගබඩා කිර තිබී අසුවූ අතර එම අවස්ථාවේ දි නඩු නොදමන ලෙස කළ බලපෑම් හමුවේ අවවාද කර එම ආහාරවර්ග විනාශ කිරීම පමණක් සිදුකළ බව   කීවේය.
වැටලීම කළ අවස්ථාව ශ්‍රී ලංකා මිරර් වාර්තා කර තිබූ ආකාරය.. 

අනතුරුව පසුගිය 23 වැනිදා මෙම මුළුතැන්ගෙය යළිත් වරක් පරීක්ෂා කිරීමේ දි පෙර අවවාද තඹයකට නොසලකා යළිත් වරක් අනාරක්ෂිත ලෙස පිසූ ආහාර සහ නොපිසූ අහාර එකම ශීතකරණයක ගබඩා කර තිබුණු බව ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ අවස්ථාවේ දි අදාල ශීතකරණය මුද්‍රා තබා ඉදිරි නෛතික කටයුතු සඳහා ලේඛනවලට අත්සන් ගැනීමට හෝටල් පරිපාලනයට දන්වා විනාඩි 45ක් පමණ සිටියත් කිසිවෙක් එම ලේඛණවලට අත්සන් තැබීමට ඉදිරිපත් නොවුණ අතර ඔවුන් කළේ   නඩු නොපවරණ ලෙස වැටලීම් කළ නිලධාරීන් වෙත  තදින්ම බලපෑම් කිරීම යැයි සභාපතිවරයා පැවසුවේය.

අනතුරුව වැටලීම් කළ නිලධාරීන්ට එරෙහිව බොරු අල්ලස් චෝදනාවක් ගොනුකර,  ඉතාම නින්දාසගහත ලෙස  සිය බලය යොදා නීතිය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඉඩ නොදීම සම්බන්ධයෙන් සංගමයක් ලෙස ගත හැකි උපරිම නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව උපුල් රෝහණ අවධාරණය කළේය.

හෝටලයේ කිර්තිනාමය විනාශ කිරීම, සංවිධානය කළ යම් යම් ඉසව්  විනාශ කිරීම, අල්ලස් ඉල්ලීම වැනි කිසිම  පදනමක් නැති චෝදනා සහිතව  ඇවෙන්රා ගාර්ඩන්ස් හෝටල් පරිපාලනය විසින් නිකුත් කළ බව කියන, නමක් ගමක්, අත්සනක්, හෝ අඩුම තරමින් නිල ශීර්ෂ ලේඛනයක නොලියූ ලේඛනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන බව කී සභාපතිවරයා කප්පම් සිද්ධියක් සම්බන්ධව පොලිසියට යොමු කළ පැමිණිල්ලක් සම්බන්ධව පොලිිසිය තමන් ද දැනුම්වත් කළ බව කීවේය.

මෙවැනි අනීතික බලපෑම්වලට යටත් වී මෙහෙයුම් නැවැත්වීමට සූදානම් නොවන්නේ යැයි කී  උපුල් රෝහණ අදාල වැටලීම් දිගටම ක්‍රියාත්මක බවත් මෙම හෝටල් පරිපාලනයට එරෙහිව නීතිය ඉදිරියට ගොස් ඇති ගමන යළිත් ආපස්සට නොගන්නා බවත්  අවධාරණය කළේය. සැරිසරමින් ඇති ලිපිය පහත දැක්වේ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයේ අර්තාපල් ගොවීන් සඳහා බෙදා දුන් විදේශයකින් ගෙන්වූ බීජ අර්තාපල් ටොන් 21ක් දිලීර ආසාදනයක්… එකම ගොවියෙකුටවත් අල වගා කළ නොහැකි වෙයි!

Next Post

රක්ෂණ වන්දියක් ගන්න රුමේනියානු කාන්තාවකගෙන් බොරු අතවර පැමිණිල්ලක්… පොලිසිය සහ හෝටල් කළමනාකාරිත්වය ඇත්ත හෙළි කර ගනී!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.