දිනසේන රතුගමගේ –
මෙවර මාස් කන්නය සදහා යාපනයේ අර්තාපල් ගොවීන්ට බීජ අර්තාපල් වශයෙන් ලබා දී ඇති බීජ අල මෙට්‍රික් ටොන් 21 ක් දිලීරයක් බෝවී තිබීම නිසා එකම ගොවියෙකුට හෝ මෙවර අල වගා කිරීමට නොහැකි වී ඇතැයි හිටපු නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය අංගජන් රාමනාදන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
මෙම බීජ අර්තාපල් තොගය යාපනයට සපයා ඇත්තේ පෞද්ගලික සමාගමකින් වන අතර වහාම එම සමගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරණ ලෙසද යාපනයට එවා අති බීජ අර්තාපල් තොගය ආපසු රැගෙන ගොස් නිසි ප්‍රමිතියෙන් යුත් බීජ අර්තාපල් යාපනයේ ගොවීන්ට ලබා දෙන ලෙසද අංගජන් රාමනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉල්ලීමක් කොට තිබේ.
අදාල සමාගම විසින් එම බීජ අර්තාපල් ආනනයනය කොට ඇත්තේ කවර රටකින්ද යන්න පවා සඳහන් වී නොමැති බව පවසන හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අදාල සමාගමට ඉතා ඉක්මනින් බීජ අල සපයා දීමට නොහැකි වන්නේ නම් මෙවර යාපනයේ අර්තපල් වගා කිරීමට සූදානම් වූ ගොවීන්ට ඒ සඳහා වැය වූ මූලික වියදම් වන්දියක් වශයෙන් ලබා දිය යුතු බවද සඳහන් කොට තිබේ
ඉතා ඉක්මනින් මෙම තීරණ වලට එකඟ වීමට අදාල සමාගම අපොහොසත් වන්නේ යාපනයේ අර්තාපල් ගොවීන් විසින් අදාල සමාගම වෙත ලබා දී ඇති මුදල් ආපසු ලබා දෙන මෙන්ද කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කොට ඇත.
යාපනයේ ආර්තපල් වගා කරණ ගොවින්ට එම බීජ අර්තාපල් තොගය ලබා දී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යංශයේ අනුදැනුම මත අමාත්‍යංශය විසින් නිර්දේශ කරණ ලද සමාගමක් විසිනි.
නමුත් එම සමාගම විසින් සපයා දී ඇති බීජ අල කිලෝග්‍රෑම් 21000 කින් එකම කිලෝ එකක් හෝ බීජ අර්තාපල් වශයෙන් භාවිත කළ නොහැකි බව යාපනයේ අල වගා කරණ ගොවීන්ගේ සංගමයේ උප සභාපතිවරයා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංජන් රාමනාදන් මහතාට දැණුම් දීමෙන් පසුව ඔහු එම බීජ අල තොග පරීක්ෂා කොට බලා කෘෂිකර්ම අමාත්‍යංශයට මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට ඇත