බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පාගේ මිණිපිරිය කැනඩාවේ දී වෙඩි තබා ඝාතනය කරයි!

by editor
මාර්තු 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කැනඩාවේ මාර්කම් ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි යාපනයේ පදිංචි 20 හැවිරිදි තරුණියක් පසුගිය 07 වැනි දා සිකුරාදා මියගොස් ඇති බව කැනඩාවේ CBC පුවත් සේවය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ යාපනයේ හිටපු නගරාධිපතිවරයෙකු වූ ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාගේ මිණිබිරියක් වන රගුදාස් නිලක්ෂි නැමති තරුණිය බවට හඳුණා ගෙන තිබේ. ඇය යාපනය – ගොන්ඩා, බටහිර කල්වීටුහි පදිංචිව සිට හැදී වැඩි මීට දෙවසකට පෙර කැනඩාවට ගොස් තිබිණි.

රගුනාදන් නිලක්ෂි

යෝර්ක් ප්‍රාදේශීය පොලිසිය පවසන පරිදි, අධිවේගී මාර්ග 48 සහ කාසල්මෝර් මාවත අසල සොලස් පාරේ නිවසක සිකුරාදා උදෑසන 6:30 ට පමණ වෙඩි තැබීම සිදු වී තිබේ. මිය ගිය තරුණිය වසර දෙකක්ම ජීවත් වි ඇත්තේ එම නිවසේය.

එම නිවසට මීට පෙර අවස්ථා තුනක දී වෙඩි තැබීම් සිදුව තිබුණු බව පොලිසිය පවසයි. ඒ 2024 පෙබරවාරි මාසයේදී එක් වරක් සහ මාර්තු මාසයේ මාසයේ දෙවරක් වශයෙනි. එම සෑම අවස්ථාවකදීම සැකකරුවන් නිවසට වෙඩි තබා ඇත්තේ දුරක සිටය. ඒ කිසිම අවස්ථාවක සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට විමර්ශන අංශවලට හැකි වී නැත.

සිකුරාදා සිදු වූ වෙඩි තැබීමේදී රඝුදාසන් නිලක්ෂි මිය ගොස් එම නිවසේ සිටි 26 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. ඔහුගේ තුවාල බරපතල වුවද ජීවිත අවදානමක් නොමැති බව පොලිසිය පවසයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

නිවසේ ආරක්ෂාවට සිටි ජර්මන් ෂෙෆඩ් වර්ගයේ සුනඛයෙකුටද තුවක්කුකරුවන් විසින් වෙඩි තබා මරා දමා තිබේ.

වෙඩි තැබීමෙන් පසුව ඊට සම්බන්ධ හතර දෙනෙකු නවීන පන්නයේ කැබ් රථයකින් පලා ගොස් ඇති බව සී.සී.ටීවී කැමරා පද්ධතියක සටහන්වී ඇති බව කැනේඩියානු පොලීසිය සඳහන් කොට තිබේ.

මේ දක්වාම කිසිදු සැකකරුවකු අත් අඩංගුවට ගෙන නොමැති අතර පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි. පොලිසිය පවසන්නේ සැලසුම් සහගත ඝාතනයක් සේ සලකා විමර්ශන කරගෙන යන නමුත් ඝාතනයට හේතුව කුමක්දැයි ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

17 දා සිට පැෆරල් මැතිවරණ නිරීක්ෂණයට බහී!

Next Post

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි CID ට…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.