පික් මී සහ ඌබර් කැබ් රථ ඇල්ලේ ධාවනය කළ නොහැකි බවට තර්ජනය කරමින් ඇල්ල සංචාරක කලාපයට පිටතින් පැමිණිණෙන කුලී රථ රියදුරන්ට එරෙහිව අලුත් නීති හදන්නට ගිය පොලිසියේ දෙදෙනා විනය කටයුත්තකට යටත්ව ස්ථාන මාරු කර යැවීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාට ඇල්ල පොලීසියේ සිට බණ්ඩාරවෙල පොලීසිය දක්වා ස්ථානමාරුවක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.
ඇල්ල සංචාරක කලාපයට පිටස්තරව පැමිණෙන කුලී රථ රියදුරන් ට එරෙහිව ප්‍රදේශයේ කුලී රථ රියදුරන් ඇති කළ නොසන්සුන්තාවයේ දී පොලිසියේ දෙදෙනා හැසිරුණු පහත් සහ අතාර්කික පක්ෂග්‍රාහී ආකාරය සම්බන්ධව බරපතල විවේචනයක් සමාජ මාධ්‍ය තුළ පසුගිය දින කීපයේ දී ඇති වූයේය.







