මේ වනවිට ලංකාවේ අති විශේෂ විදේස් සංචාරක ආකාර්ෂණයක් දිනා ගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය ඊ ටිකට්පත් අන්තර් ජාලයට මුදාහැර තත්ත්පර 42 ක් තුළ ටිකට්පත් සියල්ල විකිණී අවසන් වීමේ අතාර්කක ස්වරූපය පසුපස ජවාරමක් තිබෙන බව පෙනී යන හෙයින් ඒ සම්බන්ධව විමර්ශනයක් ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේය.
ඔහු පෙන්වා දෙන්නේ ක්ෂණිකව ටිකට්පත් සියල්ල මිලට ගන්නා කණ්ඩායම් රුපියල් 2000 ක වටිනාකමින් යුත් ටිකට්පතක් විදේශිකයින්ට රුපියල් 16000 ට අළෙවි කළ අවස්ථා වාර්තා වී ඇති බවය. ලැබී ඇති තොරතුරු අනුව කොළඹ කොටුව – මහනුවර, කොළඹ කොටුව – ඇල්ල දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලට අලෙවි වන ආකාරය නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (15) හනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවානාගාරයේ දී පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.
නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේ මෙය අහම්බයක් නොවන බවත් මසකට කලින් දුම්රිය ඊ ටිකට්පත් මුදා හරින සෑම අවස්ථාවකම තත්පර ගණනක් තුළ එම ටිකට්පත් සියල්ල අලෙවි වන ආකාරය නිරීක්ෂණය වන බවත්ය. ඇමතිවරයා පවසන්නේ මෙය පරිගණක සම්බන්ධව විශේෂ දැනුමක් ඇති පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් සිදුකරනු ලබන ආකාරය සම්බන්ධව සැක කරන බවය. ඇමතිවරයා පවසන්නේ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ගයක් ගැනීමේ ප්‍රබල අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවය.
පොලිසිය පවසන්නේ විමර්ශනයක් පවත්වා ගැනීම සඳහා වැඩි මිලට ටිකට් පත් මිලදී ගත් පුද්ගලයෙක් මෙවැනි වංචාවක් අවස්ථාවක දී අධිකරණ ක්‍රියාවලියකට සම්බන්ධ විය යුතු බවය. එහෙත් වංචාව සම්බන්ධව චෝදනා කරන කිසිවෙක් නෛතික විමර්ශනයක් සඳහා ඉදිරිපත්වීම මගහැරීම බරපතල ගැටලුවක් බව පොලිසිය පෙන්වා දෙන්නේය.







