අද (23) සවස 6.20ට පමණ ඇල්පිටිය යක්කටුව හන්දිය අසලදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් 26 හැවිරිදි තරුණයෙකුට වෙඩි තබා පලා ගොස් ඇත.
මෙසේ වෙඩි පහරට ලක් වී ඇත්තේ කලුවා දේව විමේෂ් මධුසංඛ නැමැති ජයබිම, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වෙඩි පහරින් උදර ප්‍රදේශය තුවාල ලද ඔහු ප්‍රතිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම වෙඩි තැබිම ගල් කටස් වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති බව විමර්ශකයෝ සැක කරති.
අද උදේ සීදුව කොටුගොඩ දී නාඳුනන වෙඩික්කරුවෙක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබිණි.







