දින 10 ක් පුරා බකමූණ නගර ආසන්නව සිදුකල ගොවි උපවාසය 02 දහවල් අවසන් කලහ.
පොලොන්නරුව හා දිඹුලාගල මහ සංඝ රත්නය එම ස්ථානයට වැඩම කරමින් සිදුකල ඉල්ලීමකට අනුව උපවාසය අවසන් කර ඇත.
ඇලහැර හා මොරගහකන්ද ගොවිජන සංවිධානවල සංවිධාන 41ක් ඒකාබද්ධව මෙම උපවාසය ඉකුත් 24 වෙනිදා ආරම්භ කර තිබුණි.
ඒ මහ කන්නයේ වී වගා කිරිමට අවශ්‍ය රසායනික පොහොර ලබා දෙන ලෙසට රජයට බල කරමිනි.
පොලොන්නරුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයෙ මහා ලේඛකාධිකාරි කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නායක ස්වාමින්වහන්සේ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරි දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් හා පොලොන්නරුවේ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින්වහන්සේලා 100 ක් නමක් පමණ මෙම උපවාසය භූමියට වැඩම කරමින් ගොවින්ට පිරිත් පැන් දී පිරිත් නූල් ගැට ගසමින් පැවසුවේ මඩ වැඩ ඉවර වූ සැනින් ගොවියා සමග එක්ව මීට වඩා ශක්තිමත්ව රසායනික පොහොර ලබා දෙන තෙක් රජයට බල කරමින් අරගල කිරිමට තමන්ගේ ආශිර්වාද ශක්තිය ලබා දෙන බවයි.













