ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් චීනය රජය වෙනුවෙන් ඔත්තු බැලීමේ කාර්යන් හී නිතර වූ බවට චෝදනා කරමින් ප්‍රතික්ෂේප කරන ලද චීන තාක්ෂණ සමගම් සිය නව වෙළෙඳ පොළ බවට අප්‍රිකානු රටවල් පත්කරගෙන ඇත.
ඒ අනුව මෙම නව වෙළෙඳ පොළ මගින් එම සමාගම් වලට අහිමු වූ බටහිර රටවල් වල වෙළෙඳ පොලට සමාන වෙළෙඳ පොළ කොටසක් අත්පත් කරගැනීමට සමත්ව ඇති බවටද නවතම දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.
මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවෙක් ලෙස විශේසඥයින් පෙන්වා දෙන්නේ, අප්‍රිකානු රටවල් සිය ආර්ථිකය වර්ධනය කරගැනීමට අපෙක්ෂාවෙන් සිය යටලිත පහසුකම් වර්ධනය කිරීමට දැඩි උනන්දුවක් දැක්වීමයි.
ජූනි මස අගදී චීනයේ හුනාන් පළාතේ චැන්ග්ෂා හි පැවති චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ ප්‍රදර්ශනයේදී මෙය ඉතාපැහැදිලිව දැක ගැනීමට හැකි විය. චීනය විසින් අප්‍රිකාව ඩිජිටල්, හරිත හා අභ්‍යවකාශය වැනි නැගී එන කර්මාන්තවල සහයෝගීතාවය ලබාදීමටද එකඟතාවය පළකර ඇති බවටද වාර්තා වේ. එහිදී මෙම අපෙක්ෂාවන්ට සපුරා ගැනීමට අදාල වූ යටිතල පහසුකම් වර්ධනය කිරීමට සහ විවිධාංගීකරණය කිරීමද චීනය අපෙක්ෂා කරමින් සිටින බවටද අදාල සමුළුවේදී අනාවරණය විය.
කෙසේවෙතත් මෙම සමුළුව පැවැත්වීමට පෙර සිටිම චීන සමාගම් අප්‍රිකානු කළාපය ක්‍රමාණුකූලව ආක්‍රමණය කරමින් සිටි අතර එහිදී එම කළාපයේ ඩිජිටල් යටිතල පහසුකම් වර්ධනය කිරීමට විශාල වශයෙන් දායකත්වයක්ද දැක්වීය.
ඒ අනුව අප්‍රිකානු කළාපයේ සහ චීනයේ සහයෝගීතාවයන් යලිත් තහවුරුවීමක් පමණක් මෙම සමුළුවේදී සිදුවූ බවටද ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.







