හොංකොං නගරයේ වැසියන් සුපිරි වෙළෙඳසැල්වල ආහාර තොග රැස්කර තබාගැනීමට පොරකමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ජනතාවට අවශ්‍ය කරනු ලබන එළවළු, නූඩ්ල්ස් සහ අනෙකුත් ආහාර වර්ග මිලදී ගැනීමට විශාල පිරිසක් වෙළෙඳසැල්වලට රැස්ව සිටින බවත් ඇතැම් ස්ථානවලට තත්ත්වය මඳක් නොසන්සුන් බවක් ගෙන ඇති බවත් වාර්තාවේ.
හොංකොං නගරයෙන් අද දින නව කොරෝනා ආසාදිතයින් 614 දෙනෙකු වාර්තා වීමත් සමඟ චීනයේ අනෙකුත් ප්‍රදේශ සමඟ ප්‍රවාහන සම්බන්ධතා ඇනහිටීම හේතුවෙන් මෙම කලබලකාරී තත්ත්වය නිර්මාණය වී තිබේ.
ලක්ෂ 75ක් පමණ වෙසෙන හොංකොං නගරයට අවශ්‍ය කරනු ලබන ආහාරවලින් සියයට 90ක්ම චීනයේ අනෙකුත් පළාත්වලින් ලැබෙන අතර මේ වනවිට කොරෝනා ව්‍යාප්තියත් සමඟ එම ආහාර ලැබීම ඇණහිටීමකට ලක්ව ඇත.
චීන රජය විසින් තත්ත්වය පාලනය කිරීමට උත්සහ කළ ද හොංකොං සහ චීනයේ අනෙකුත් ප්‍රදේශ අතර ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන ට්‍රක් රථ රියැදුරන්ට කොරෝනා ආසාදනය වීමත් සමඟ තත්ත්ව දරුණු වී ඇති බව වාර්තාවේ.
මෙම තත්ත්වය හමුවේ ආහාරවල මිල ගණන්ද ශීඝ්‍රයේ ඉහළගොස් ඇති අතර චීනය ගෙන යන දැඩි කොරෝනා මර්ධන නීති හේතුවෙන් හොංකොං නගරයේ දැඩි සංචරණ සීමා පැනවීමට වැඩි ඉඩකඩක් පවතින බවද වාර්තා වේ.







