මහ ජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්ට බැණ වැදුණු බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ලංකාදීපයට පුවත්පත වාර්තා කරයි.
වාර්තාවට අනුව මෙම සිද්ධිය සිදුව ඇත්තේ බ්‍රහස්පතින්දා (3) දින කොළඹ 5 ආසිරි රෝහල වෙත අමාත්‍යවරයා බෙහෙත් ගැනීමට පැමිණි අවස්ථාවේදීය.
අමාත්‍යවරයා දුටු එම සැකකරු ඔහුට බැණ වදින්නට පටන් ගෙන ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරීන් නාරාහේන්පිට පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොළඹ 5 අන්දරවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නාරාහේන්පිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.







