සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයුර්වේද දෙපාර්තමේන්තුව පාරම්පරික ආයුර්වේද ක්‍රමය වළ පල්ලට යවන්න හදනවා… සමස්ථ ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනය කියයි!

by editor
ජූනි 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මෙරට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් පාරම්පරික අයුර්වේද වෛද්‍ය ක්‍රමය වළපල්ලට ගෙන යෑමට කටයුතූ කරමින් සිටින බව සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය හෙන්රි පීරිස් පවසයි.

සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජ්‍ය ලේකම්වරයා මේ අදහස් පලකර සිටියේ සමස්ත ලංකා ආයුර්වේද සම්මේලනය විසින් පොළොණ්නරුව හිගුරක්ගොඩ ප්‍රදේශයේ පැවති පොළොන්නරුව දිස්ත්‍රික් ආයුර්වේද වෛද්‍ය සම්මේලනයට එක්වෙමිනි.

මෙම පොළොන්නරුව දිස්ත්‍රික් අයුර්වේද වෛද්‍ය සම්මේලනය 08 වෙනිදා හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී පැවති අතර ඒ සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නිලධාරීන් හා පොළොන්නරුවදිස්ත්‍රික්කයේ සේවයේ නියුතු ආයුර්වේද වෛද්‍යවරු රැසක් සහභාගීවී සිටියහ.

පොළොන්නරුව දිස්ත්‍රික් අයුර්වේද වෛද්‍ය සම්මේලනයේ වෛද්‍යවරු පිරිසක්…

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් ආයුර්වේද වෛද්‍ය එම්.ආර්.හෙන්රි පීරිස් මෙසේද කීය.

“දැන් අවුරුදු 10ක් තිස්සේ පමණ කාලයක සිට ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් අපේ රටේ පාරම්පරික වෛද්‍යවරුන්ට ගහල ගහලා පොළොව යට දාලා ඉවරයි. දැන් පොළොව යට දාලා වෙද මහත්තයවයි එයාගේ දරු පරම්පරාව ගොඩ ගන්නයි අපි සංවිධානය වෙන්නෙ.”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“අපි මේ එකතු වුනේ අපේ සහෝදරත්වයේ පාලම ගොඩනගන්නයි. ඒ සඳහා දිස්ත්‍රික්කයක් ගානෙ අපි යනවා. අපි එකතු නොවුනොත් ආයෙ මේක මෙතනින් වැලලිලා ඉවර වෙනවා.”

“වාර්ෂිකව ආයුර්වේද වෛද්‍යවරුන් 5000ක් එලියට එනවා. ඒ වෛද්‍යවරුන්ට රැකියා නෑ කියලා, අපිට තිබුණ විභාග නැති කලා.
මේ පළවෙනි මිනී පෙට්ටියට වෛද්‍යවරු වෛද්‍ය ශිෂ්‍යයන් දැම්මෙ රාජිත සේනාරත්නගෙ කාලෙ. අපේ දරුවන්ට තිබුණු වටිනා විභාගයක් නැති කලා.”

“පාරම්පරික වෛද්‍යවරුන්ට රජයෙන් වියදම් කලේ නෑ. ඒ පාරම්පරිකව ලැබුණු දැනුම හා විභාගවලට පෙනී හිටලා ඒ ශාස්ත්‍රීය පැත්තත් අරගෙන ඒ අය හොද වෛද්‍යවරු බවට පත්වුනා. මේක දරා ගන්න බැරුව රාජිත සේනාරත්න මහත්තයගෙ කාලෙ හිටපු ආයුර්වේද දෙපාර්තමේන්තුවෙ ආචාර්ය මහාචාර්යවරු මේ විභාගයත් නැති කළා. , ඊට පස්සෙ රමේෂ් පතිරණගෙ කාලෙ ආයුර්වේද වෛද්‍ය සංගම් කර්මාන්ත දෙපාර්තමේන්තුවෙ රෙජිස්ටර් කලා.

මේ වනවිට හොර වෛද්‍ය සංගම් ඇති වෙලා හොර වෛද්‍ය සහතික දෙනවා. සල්ලි අරගෙන ඔවුන්ට මාස 06 ගියාට පස්සෙ ආයුර්වේද වෛද්‍ය සභාවේ මෙඩිකල් පොතක් දෙනවා. අපි ඒ පොත ගත්තෙ දහදුක් විදලා. ඒ නිසා හොර සහතික දිලා මේක විනාශ කරලා ඉවරයි.

දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙ වැඩේ හරි. ඒ අය පැත්තකට වෙලා බලා ඉන්නවා. මේ වැරදි වැඩේ තුළින් ලෙඩ්ඩු මැරිච්ච දාට ඉතුරු වෙදකමත් ඉවරයි. ඒ නිසා මේ තත්වය නැති කරන්න අපි සියලු දෙනා මේ වෙලාවෙ එක්ව කටයුතු කළ යුතු බවද නියෝජ්‍ය ලේකම්වරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරමේ ධීවර ගමක ධීවර වාඩි 03ක් ගිනි තබා විනාශ කරලා…

Next Post

සාක්ෂි නැතිව මෙහෙම චෝදනා කරන්නේ නෑ… කන්ටේනර් 323 තොරතුරු ලිස්ට් එක එළියට දානවා… CID යන ගමන් ගම්මන්පිල කියයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.