දිනසේන රතුගමගේ –
-
ලක්ෂ ගණනක ධීවර ආම්පන්න විනාශ වී ඇති බව කියා වින්දිතයින්ගෙන් පැමිණිල්ලක්!
යාපනය වඩමරච්චි චැම්පියපත්තු ධීවර ගම්මානයේ ධීවර වාඩි තුනකට ඊයේ (08) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.
මෙම ගින්න හේතුවෙන් එක් ධීවර වාඩියක් මුලුමනින්ම විනාශ වී ගොස් ඇති අතර තවත් දෙකකට අර්ධ හානි සිදුව තිබේ.
ධීවර වාඩි අහිමි වූ පිරිස යාපනයේ මරදන්කේණී පොලීසියට පැමිණිලි කොට ඇත්තේ ගින්නට හසු වී තම ධීවර වාඩි වල තිබූ දැල් ආම්පන්න හා තවත් ධීවර උපකරණද ධීවර හැදුණුම්පත් වැනි ලිපි ලේඛන රැසක්ද විනාශ වී ගොස් ඇති බවය.
චැම්පියන්පත්තු ධීවර ගම්මානයේ ඇතැම් ධීවරයින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වීම නිසා ඒ එම ගම්මනයේ ධීවරයින් අතර නිතර නිතර ආරවුල් ඇති වීමේ තවත් ප්‍රතිපලයක් වශයෙන් මෙම ධීවර පැල්පත් වලට ගිනි තැබීමේ සිද්ධිය සිදුව ඇතැයි විමර්ශන අංශ කියයි.
මරදන්කේණී පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







