බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආපදාවට පත් මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක මූල්‍යාධාරයක්… සහන සේවා කණ්ඩායම් සහ ද්‍රව්‍යමය අධාර සූදානමින්….

by editor
අප්‍රේල් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සියවස් ගණනාවක් තිස්සේ ආගමික සංස්කෘතික බැඳීමක් සහිතව ජීවත් වූ බෞද්ධ ජනතාවක් සහිත මියන්මාරයේ ඇති වූ ස්වභාවික විපත අවස්ථාවේ දී ශ්‍රී ලංකාව ලෙස එම ජනතාවට උපකාර කිරීමට එක් වීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

ඊයේ රැස් වී කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ මියන්මාරයේ ජනතාව වෙනුවෙන් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියනයක මූල්‍යාධාර සැපයීමට සහ අවශ්‍ය මානව සම්පත සහ ද්‍රව්‍යමය ආධාර ලබා දීමටය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පැවසුවේ දැනටමත් සංඝයාවහන්සේ ගේ මගපෙන්වීම යටතේ පන්සල් ආශ්‍රිතව ද්‍රව්‍යමය ආධාර එකතුකරමින් පවතින බවය.

රාමඤ්ඤ මහා නිකායේ නාරාහේන්පිට සංඝ මූළස්ථානය, ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ වැල්ලවත්ත මූලස්ථානය, බෞද්ධ මහා සම්මලේනයේ විපස්සනා භාවනා මධ්‍යස්ථානය, ගම්පහ මැදගම සුනන්දාරාම විහාරය, කැලණිය නාගනන්ද විශ්වවිද්‍යලය, ඇතුළු විහාරස්ථාන 45ක ලයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ.   සියලුම ප්‍රාදේශී ශාසනාරක්ෂක බල මණ්ඩල හරහා ද මෙම ආධාර එකතු කරමින් පවතී. මෙම ජනතාව මගින් එකතු කරන ආධාර මියන්මාරයේ ජනතාව වෙත ලබා දීමට රජය මැදිහත් වීමක් කර අවශ්‍ය පියවර ගැනීමට තීන්දු කර ඇති බව ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

එමෙන්ම මේ ආපදා අවස්ථාවේ දී වෛද්‍යවරුන් ඇතුළු තවත් විශාල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විත සහන සේවා කණ්ඩායමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී මියන්මාරය වෙත යැවීමට සූදානම් කර ඇති බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ශ්‍රී ලංකා රජය මියන්මාර් තානාපති කාර්යාලය සමග කළ සාකච්ඡවේ දී ඔවුන් ඉල්ලා ඇත්තේ එම අවස්ථාවට මැදිහත්විය හැකි සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සූදානම් කර තබන ලෙසය. දැනට ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාවේ සේවය කරනු ලබන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ හෙද නිලධාරීන්ට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරනු ලබන විකලාංග විශේෂඥ වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිට සූදානම් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

මියන්මාර තානාපති කාර්යාලය දැනුම් දෙන ඕනෑම අවස්ථාවක එම සහන සැලසීම සඳහා එම වෛද්‍ය කණඩායම් සූදානමින් සිටින බව ද ඔහු කීවේය.

ඊට අමතරව මේ වනවිටත් මියන්මාර ජනතාවට අවශ්‍ය ඖෂධ එන්නත් සහ ශල්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එකතු කරමින් පවතින බවත් එම ඖෂධ සහ උපකරණ ඉතාම ඉක්මනින් මියන්මාර ජනතාව වෙත ලබා දීමට සූදානම් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුනනේය.

2025 මාර්තු 28 සිදුවූ ප්‍රබල භූ කම්පනයේ හේතුවෙන් මියන්මාරයේ ජනාතාව 2700ක් අතුරුදහන්ව සිටිති. දහස් ගණනක් අනතුරට පත්ව රෝහල්ගත වී ප්‍රතිකාර ලබමින් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජාංගනයේ සද්ධාතිස්ස හිමි රාමඤ්ඥ මහා නිකායෙන් නෙරපයි…

Next Post

මෝදි ඇවිත් කරන දේ…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.