අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවෙන් ගැලවුණු කණ්ඩායම් සර්ව පාක්ෂික ආණ්ඩු පිහිටුවීමට යළි පොහොට්ටුවටම ඇලවෙන ලකුණු!

by editor
අප්‍රේල් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා කැඳවා ඇති පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට ශ්‍රීලනිප, විමල්,  ගම්මන්පිල, කණ්ඩායම ඇතුළත්වන දේශපාලන පක්ෂ 11  සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ  කණ්ඩායම තීරණය කර ඇත.

ඔවුන් මෙම තීරණය ගනු ලැබුවේ අද (28) සවස  පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය. සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට මෙම පිරිස ජනපතිවරයා හමුවන්නේ අගමැති කිසිසේත්ම ඉල්ලා අස්නොවන බවට අද කණ්ඩායම් රැස්වීමේ දී එළිපිටම ජනපතිට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි.

අගමැතිවරයා සමග රජය ඉවත් වී නව අන්තර්වාර පාලනයකට ඉඩ ලබා නොදී තමන්ට 113ක බලය පාර්ලිමේන්තුවේ ඇති බව ප්‍රකාශ කරන අගමැතිවරයාගේ බල රහිත බව පෙන්වීමට විශ්වාසභංග යෝජනාවකට යා යුතු තැනකට ප්‍රශ්නය තල්ලු වී තිබෙද්දී ජනාධිපතිවරයාට ඍජු තීන්දුවක් නොගන්නා වටපිටාවක මේ හමුවීම සිදුවීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ 11 විසින් කළ යෝජනාව  ජනාධිපතිවරයා පිළිගෙන ඇති බැවින් අන්තර්කාලීන ආණ්ඩුවකින්  වත්මන් අර්බුදයට පිළිතුරු සෙවීමේ ප්‍රවේශයට තවමත් ඉඩ කඩ ඇතියි යන විශ්වාසයෙන් යුතුව මෙම  සාකච්ඡාවට සහභාගීවන බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක්  ලංකාසරට පැවසීය.

කෙසේ නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපතිවරයා කර තිබෙන ආරාධනය  විපක්ෂයේ  දේශපාලන පක්ෂ කීපයක් ප්‍රතික්ෂේප කර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ 11 සහ ස්වාධීන වූ කණ්ඩායම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟතාවය පලකර  ඇත්තේ වත්මන් විධායක ජනාධිපතිවරයා එම ධුරයේ කටයුතු කරද්දීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුද්ධයෙන් මිය ගිය සියලු දෙනා සමරන්න ජාති භේද නැතිව උතුරට එන්න… උතුරෙන් ආරාධනයක්…

Next Post

ආයෝජකයන් දිරි ගැන්වීම වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට සූදානම් – ඉන්දීය මුදල් ඇමතිනිය කියයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.