බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ කණ්ඩායම් එක් වෙයි

by Lanka Sara Editor
අප්‍රේල් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතුවලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද මුලපුරනු ලැබීය. වර්තමානයේ උද්ගතව ඇති දේශපාලනික, ආර්ථික හා සමාජයීය ප්‍රශ්න හමුවේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අත්තනෝමතික, වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට එක්වී පොදු වැඩපිළිවෙලක් සැකසීම සඳහා සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද (24) පාර්ලිමේන්තුවේ දී එක්විය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි.

ජාත්‍යන්තරය සමග ගනුදෙනු නොකර, ළිං මැඩි සංකල්පය තුළ හිඳිමින් රටකට පෙරට යා නොහැකි බවත් අප කළයුත්තේ ජාත්‍යන්තර සමග සංවාදශීලී වැඩපිළිවෙළක් ඔස්සේ හොදම දේ දිනාගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී පැවසීය.

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු පනත් බොහොමයක් මේ රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එබැවින් ඒවට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග විපක්ෂය එක්ව ගත යුතු බවත් විපක්ෂ නායකයා අවධාරණය කළේය.

PTA සහ ATA වෙනුවට විකල්ප වැඩපිළිවෙළක් සකස් කළයුතු බව එහිදී විපක්ෂ නායකයා පැවසූ අතර, ඊට මහාචාර්ය ජී එල් පීරිස්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, ගජේන්ද්‍ර පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, ගෙවිදු කුමාරතුංග, ඇතුළුව මන්ත්‍රීවරු කණ්ඩායමක් ඒ සඳහා සුදුසු ලෙස පත්කර ගන්නා ලෙසටද විපක්ෂ නායකයා ඉල්ලා සිටියේය.

නෛතික, ජාතික, සමාජයීය, ජාත්‍යන්තර යන සිව් ආකාරයෙන් මේ තත්ත්වය පිළිබඳ ක්‍රියාමාර්ග ගත යුතු බව මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව, ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ එම හමුවේදි මූලික අවධානයක් යොමු වූ අතර පනත පරාජය කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ සමග එක්ව කටයුතු කරන බවට සියලු දෙනාම එක්විය යුතු බව හිටපු මන්‍ත්‍රී දයාසිරි ජයසේකර කීවේය.

ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර වශයෙන් බලවත් අනතුරක් ඇතිවිය හැකි බවත් යුරෝපා කොමිසම පවා මේ තීරණාත්මක මොහොතේ එරෙහිවනු ඇති බවත් මහාචාර්ය ජී එල් පීරිස් මන්ත්‍රීවරයා පැවසීය.

මේ පනත් කෙටුම්පත් කරන්නේ නීති පති දෙපාර්තමේන්තුවට වඩා පෞද්ගලික නීතිඥවරුන් විසින් යයි එහිදී මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

ප්‍රතිත්‍රස්ත පනත ජනාධිපතිවරයා නීත්‍යනුකූල ඒකාධිපතියකු බවට පත් වීම උදෙසා උත්සාහ කිරීමක ප්‍රතිඵලයක් යැයි මන්ත්‍රී මනෝ ගනේෂන් කියා සිටියේය.

මෙම පනතට විරෝධය දැක්වීමේ දී නිශ්චිත කාල රාමුවක් සකස් කර ගැනීම අතිශය වැදගත් බව එහිදී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පැවසීය.

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා කීවේ ආංශික කාරක සභා රැස්වන අවස්ථාවේදී මේ පනත පිළිබඳ බලපෑම් සහගත සාකච්ඡාවක් සිදු කළ යුතු බවයි.

මේ පනතට විරෝධය දැක්විය යුත්තේ ත්‍රස්ත විරෝධී පනත රදවා ගැනීමට නොව මේ පනත් දෙකම අහෝසි කොට දියුණු රටවල ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විරෝධී පනතක් ක්‍රියාත්මක කරලීමට විය යුතු බව චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පැවසීය.

මේ පනත සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගත යුතු බවට බලපෑම් කළ යුතු බව එහිදී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පැවසීය.

මනස මෙම පනතට සියලු දෙනා විරුද්ධ බව පැහැදිලි යැයිද, දැන් අවශ්‍ය වන්නේ ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ එකඟතාවයකට පැමිණීම යයිද උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසීය.

අදාල පොදු එකඟතා කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ දේශපාලන පක්ෂ එකමුතුවේ කැදවුම්කරු ලෙස විපක්ෂ නායකයා සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයින්ගේ එකඟත්වයෙන් ඉම්තියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයා පත් කරනු ලැබීය.

ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් පිළිබඳ පුළුල් වශයෙන් මාධ්‍ය දැනුවත් කළ යුතු බව එහිදී යෝජනාව වූ අතර එම කටයුත්ත ද ඉම්තියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයාට පැවරිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

භූ කම්පනයෙන් තිගැස්සුන හම්බන්තොට මිනිස්සු කතා කරති! 

Next Post

මැයි 09 ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට ආයුධ පාවිච්චි නොකරන්නැයි ඉහළින් උපදෙස් දීලා!ඇමති ප්‍රසන්න කියයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.