අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව කටයුතු කරන්නේ මෙහෙම නම් අප්‍රේල් වනවිට ප්‍රබල මහජන නැගිටීමක්! – බීබීසීයට විද්වතෙක් කී කතාව..

by editor
ජනවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රජය කටයුතු කරන්නේ මේ ආකාරයට නම් අප්‍රේල් වනවිට රටේ ප්‍රබල මහජන නැගිටීමක් වනු ඇති බවත්, පරම්පරා දෙකක් එක්වී සිදුකරන මේ ප්‍රබල නැගිටීම ගෝල්ෆේස් අරගලයට වඩා බෙහෙවින්ම බිහිසුණු වනු ඇති බවත් වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා උපුටා දක්වමින් බීබීසී ය වාර්තා කරයි.

වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා

මහාචාර්යවරයා ගේ අදහස් පෙළ ගස්වමින් බීබීසීය වාර්තා කර ඇත්තේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල මත පමණක් රැඳෙමින් රජය සිදුකරන ආර්ථික ව්‍යාපෘති නූල් බෝලයක් සේ පැටලී ඇති ගැටලුව තව තවත් ගැටගසනු ඇති බවය.
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරාගේ අදහස් දැක්වීම බීබීසී ය වාර්තා කර ඇත්තේ මෙසේය.

2022 ට වඩා 2023 අමාරුයි… බරපතලයි…

“2022 කට වඩා 2023 අමාරුයි. බරපතළයි. අපි ගන්න තීරණ අනුව තමා හෙට දවස තීරණය වෙන්නේ.” .
“අපි අද ණය ගෙවන්නේ නැහැ. අපි අද ඩොලර් එක පාලනය කරලා තියෙන්නේ, ඩොලර් එක අතහැරියහොත් ඊළඟ මාර්තු වගේ වෙන කොට ඩොලර් එක රුපියල් 550 ටවගේ යයි කියලා කියනවා. “

“ඩොලර් එක 550 ගියොත් ආයිත් පෙට්‍රල් වැඩි වෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව වැඩි වෙනවා. රජය බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 3ක් තමන්ගේ වත්කම් විකුණලා ලබා ගන්න. වෘත්තීය සමිති ඊට ඉඩ දෙයිද? ඛනිජ තෙල් සහ වරාය වෘත්තීය සමිති වර්ජනය කළොත් ආයෙත් අපේ ව්‍යාපාර වැටිලා, සංචාරක කර්මාන්තේ වැටිලා ඔක්කොම නැති වෙනවා.” .

“65%කින් විදුලි බිල වැඩි කළොත් අනිවාර්යයෙන් අපේ ගාමන්ට් ෆැක්ට්‍රීස් ටික ඉවරයි. අනික් පැත්තෙන් අපි කියනවා අපනයන නැහැ. නිෂ්පාදන වියදම වැඩි කියලා.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඊලඟ විරෝධතාවයේ ස්වරූපය 

“මේක ගැට ගැහිච්ච නූල් බෝලයක්. ඉස්සෙල්ලා හොයන්න ඕනේ මුල කොතනද කියලා. පිළිවෙළින් මේක දිග අරිනවා මිසක්. එක එක්කෙනාට ඕන විදිහට තැන් තැන්වලින් මේක අදින්න ගියොත් වෙන්නේ මේක තවත් ගැට ගැහෙනවා. ගැට ගගහා ඉන්නවා මිසක් තාම කොන හොයා ගෙන නැහැ.”

“මේ අවුරුද්දෙත් මේ විදියට නම් ආර්ථිකය ගෙනියන්න බලාපොරොත්තු වෙන්නෙ අනිවාර්යෙන් ජනතාව අප්‍රේල් මාසය වෙනකොට පාරට බහින්න ඕනේ. ”

“මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද දෙන්න, ප්‍රභූ දේශපාලනය හා ඒ සැපතුළ තමා ජීවත් වෙන්න හදන්නේ. මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ. උත්තර දුන්නේ නැත්නම් ඊළඟ පාර උද්ඝෝෂණයට එන්නේ පරම්පරා දෙකක කට්ටිය.”

“ඊළඟට උද්ඝොෂණ කරන්නේ කන්න නැතිව, ළමයි ඉස්කොලේ යවා ගන්න බැරිව, දේපළ සින්න වෙලා එවගේ දේවල්වලට. එතනදී අපේ බැංකු පද්ධතිය කඩා වැටෙන්න තියෙන අවස්ථා වැඩියි. මිනිස්සු සංවිධානය වෙලා ණය නොගෙවා හිටියොත්, බදු ගෙවන් නැතිව හිටියොත්, එවැනි තත්ත්වයකට ගියොත් එවැනි උද්ඝෝෂණ අර ගෝල්ෆේස් උද්ඝෝෂණයට වඩා හරි බරපතළයි,”

2022 විසඳුමක් නෑ…

“පසුගිය අවුරුද්දෙ ම ප්‍රශ්නයට විධිමත් විසඳුම් දැක්කෙ නැහැ. අයි.එම්.එෆ්. විතරක් දිහා බලන් ඉන්න විසඳුම් අපි දැක්කෙ. හැබැයි කිසි ම පිළියමක් නැහැ. අද වෙන කොට ඒක ඔප්පු වෙලා තියෙනවා.“
“හැබැයි මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. අපිට තෙල් ටික තියෙනවා. ගෑස් ටික තියෙනවා. පෝලිම් නැහැ. ඒවා නිසා මිනිස්සු හිතනවා ප්‍රශ්නය ඉවරයි කියලා. පැය එක හමාරක් දෙකහමාරක් ලයිට් නැහැ. මිනිස්සු ඒකට හුරු වෙලා. ඒවට විසඳුම් නැහැ. දවසින් දවස පල්ලෙහාට යනවා.”

මෙහෙමනම් යන්නෙ අප්‍රේල්වල කැරැල්ලක්!

“මේ අවුරුද්දෙත් මේ විදියට නම් ආර්ථිකය ගෙනියන්න බලාපොරොත්තු වෙන්නෙ අනිවාර්යයෙන් ජනතාව අප්‍රේල් මාසය වෙනකොට පාරට බහින්න ඕනේ. ජනතාව එක පැත්තකින් පාරට බහිනවා කන්න නැතිව. වෘත්තීය සමිති පාරට බහිනවා බදු ඇතුළු අනෙකුත් වියදම් සම්බන්ධයෙන්. අලුත් ජෙනරේෂන් එක තමන් මගින් නවත්තපු බැටල් එක ආයි අතට ගන්නවා. එහෙම ගත්තොත් මේ රට සම්පූර්ණයෙන් විනාශයි,” මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.
ඔහු අවධාරණය කළේ “රජය ජනවාරි මාසයේ හරි කමක් නැහැ. විසඳුම් හොයන්න යම් වැඩපිළිවෙළක් ආරම්භ කළොත් අඩු ම ගාණේ පොඩි කොන්ට්‍රෝල් එකක් තියෙයි. ඒක තීරණය වෙන්නේ ආණ්ඩුව ගන්න තීරණය අනුව,” ලෙසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිත්තර මිල වැඩිකරන්නේ අතරමැදි වෙළෙඳ සංගම්… ලොකුම සංගමයේ සභාපතිගේ මස්සිනා තමයි වෙළෙඳ ඇමති!

Next Post

විදුලි බිල සංශෝධනය කැබිනට් එකෙන් සම්මත වී ආවාම බලා ගමු! මහජන උපයොගීතකා කොමිසම කියයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.