ගෝඨාභය රාජපක්ෂට පොඩි හෝ ගෞරවයක් කිබේ නම් ඉල්ලා අස්විය යුතු බවත් වගකීම භාර ගන්නට කවුරුත් නොමැති නම් මාස හයක කාලයකට භාරකාර ජනාධිපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කළ යුතු යයි සමගි ජනබලවේග පාර්ලිමෙන්තු මන්ත්රි හරීන් ප්රනාන්දු මහතා යෝජනා කළේය.
මේ වනවිට රටේ පවතින තත්ත්වය තදබල ලෙස අවුල් සහගත වී ඇති බැවින් කඩිනමින් තීරණයක් නොගතහොත් හෙට අනිද්දාම ජනතාව පාර්ලිමේන්තුවටද පහර දෙනු ඇතැයි ඔහු අනතුරු ඇඟවීය.
අද පැවැති විවාදයේදී අදහස් දක්වමින් කරුණු දැක්වූ හරීන් ප්රනාන්දු මන්ත්රිවරයා සඳහන් කළේ ගොඨාබය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වුවහොත් කළ යුතු දේ පිළිබඳව ව්යවස්තාවේ පවතින බවයි.
“ නාමල් රාජපක්ෂ කියනවා ගෝඨාභය ගියොත් මොකද කරන්නේ කියල. ඒකට ව්යවසථාවේ ප්රතිපාදන තිබෙනවා. මේ වෙලාවෙ ඡන්දෙකට යන්න පුළුවන්ද? මිනිස්සු ඉල්ලන්නේ ඡන්දේ නෙවෙයි. මිනිස්සු බඩගින්නේ ලයිට් නැතිව, ඩීසල් නැතිව ඉද්දී කොහොමද ඡන්ද කරන්නේ.
ඊයේ පක්ෂ නායක රැස්විමක් තිබුණා කිසි දෙයක් වෙලා නෑ. පාර්ලිමේන්තුවේ වැදගත් පනත් තිබෙනවා. සර්ජචාජ් බිල් එක පාස් නොළොත් රජයේ සේවකයන්ට අවුරුද්දට පඩිත් නෑ. ඇමතිවරු නෑ. පාර්ලිමේන්තුව ගොබ්බ තැනක් වෙලා. මන්තිරියෙක් නොවී හිටිය නම් හොඳයි. මහජනතාවට එක තැනකට එන්න ඕන. මාස හයකට පස්සේ ඡන්දේ ඉල්ලලා ඊළඟට ජනාධිපති වෙන්න පුළුවන්.
ඇතුලේ ගේම් ගහන්න එපා. මට මගේ පඩිය අවුරුද්දකට එපා. කැන්ටිමේ කෑම මම කන්නේ ම නෑ. අපි ආදර්ශයක් දෙනන් ඕන. තරුණ මන්ත්රීවරුන්ට බැරිද ගෙදර ගෑනි ට කියල කෑම එකක් ගේන්න . අපි කැපවීමක් නොළොත් ගුටි කන්න වෙනවා අනිවාර්යයි. “ යයි පැවසීය.







