ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
ලබන ජනවාරි මස 22 වැනිදා නඩුව යළි විභාගයට ගැනෙන අතර නඩු විභාගය නිමා වනතුරු හර්ෂ ඉලුක්පිටිය බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.
අදාළ අඩුව අද (25) කැඳවු අවස්ථාවේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර කළේය.







