ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ දත්ත පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් අද උදෑසන පටන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඇතුළු සියලු සේවා තාවකාලිකව අත්හිටුවා තිබේ.
මේ වනවිට බත්තරමුුල්ල පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අති විශාල ජනතාවක් පැමිණ සිටින අතර පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන් බල්‍පත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වන ඔවුන් වෙත දැනුම් දී ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේ දත්ත පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රධාන කාර්යාලයෙන් සහ සියලුම උප කාර්යාලවලින් ගමන් බලපත්‍ර නිකුත් කිරීමතාවකාලිකව අත්හිටුවා ඇති බවය.
මේ වනවිට තාක්ෂණික අංශ දෝෂය නිවැරදි කරගැනීමට කටයුතු කරමින් සිටින බවත් හෙට වනවිට පද්ධතිය යථා තත්ත්වයට පත්කරගත හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු කීවේය.

මේ වනවට විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් නැවත දෙනුම් දෙන තුරු භාර ගැනීම ද අත්හිටුවා ඇත.
මේ පිළිබඳව වැඩිදුර විමසීම සඳහා ආගමන විගමන පාලක ජෙනරාල්වරයා සහ මාධ්‍ය ප්‍රකාශකවරිය සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහයන් ව්‍යර්ථ විය.








