බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසාධාරණයට ලක්වූ රූමතියෝ එදා වෙච්චි දේ ලෝකයට කියති…

අපගේ කාලය ශ්‍රමය ධනය වැය නොකර පුෂ්පිකාව නාම යෝජනාවකින් රූ රැජන ලෙස පත් කර නොගත්තේ ඇයි ?

by editor
අප්‍රේල් 17, 2021
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

පසුගිය 04 වැනිදා අවසන් වූ විවාහක රූ රැජන තරගාවලියේ අවසන් වටයට තරග වැදුනු තරගකාරියන් බහුතරයක් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් තරගාවලියේ දී සිදුවූ අකටයුතු අසාධාරණ හා විශේෂකොට සැලකීම් නිසා සමස්ථ රූ රැජන තරගයම ගර්හා කටයුතු තත්වයට පත් වුණු ආකාරය ගැන ප්‍රසිද්ධ කරුණු දැක්වීමක් කළහ.

විවාහක රූ රැජන තරගයක අති ප්‍රබල පදනම වූ සක්‍රීය විවාහ ජීවිතය යන කාරණාවම  නොසලකා හැර එක් තරග කාරිනියක් රූ සියලුම නීති ඉවත දමා ජයග්‍රහණය කරවීමේ අරමුනින් ක්‍රියාකළ බවත්, එවැනි හැඟීමක් සංවිධාකයන්ට තිබුණා නම් මේ ලෙස විශාල කාන්තාවන් ප්‍රමාණයකගේ මුදල්, කාලය හා බලාපොරොත්තු සුන් නොකර නාම යෝජනාවක් මගින් ඇයව එම කිරුළට නම් කළ හැකිව තිබුනු බවත් ඔවුහු පෙන්වා දුන්හ.

එමෙන්ම මෙවැනි තරගවලින් අසාධාරණයට ලක්වන කාන්තාවන් සඳහා හඬක් නැගීමට ඔවුන් සියලු දෙනාම එක්ව සංවිධානයක් පිහිටුවා ගත් බවත් එම අවස්ථාවේදී නිවේදනය කරනු ලැබීය.

මෙම අවස්ථාව joytv sri lanka සමාජ මාධ්‍ය නාලිකාව මගින් අද විකාශය කර තිබිණි. එම අවස්ථාවේදී එම රූමතියෝ මෙසේ කරුණු දැක්වූහ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“ විවාහය කියන දේ ලෝකයේ පැවැත්ම. ඒ බැඳීමෙන් තමයි හැම දේම නිර්මාණය වන්නේ. විවාහයට තියන වැදගත්කම ලෝකයට හඬගාලා කියන්න පුලුවන් වැදගත්ම අවස්ථාව තමයි විවාහක රූ රැජන තරගාවලිය.“

“විවාහක කාන්තාවකට මවකට බය නැතිව තමන්ගේ ආත්ම විශ්වාසය හැකියාව පෙන්වන්න පුලුවන් හොඳම අවස්ථාව ලෙසයි මිසිස් ශ්‍රී ලංකා වේදිකාව අපි තෝර ගත්තේ.  වේදිකාවක් උඩ රඟ දැක්වීම නෙමෙයි අප කළේ.  යම් ඉදිරිපත් කිරීමක්. ඒක කළේ රට වෙනුවෙන්. රටට අපි යමක් කරන්න ගිහින් අන්තිමට අපි පත්වෙලා ඉන්න තත්වය අතිශයින්ම ඛේදනීයයි. ඒ ගැන කතා කරන්න අපි ආවෙ.“

ඔවුහු කීහ.

“ අපි මේ තරගාවලියෙදි   කමිටුවෙ ඒකමතික තීරණයකට ඇවිත් කිව්වා මෙම තරගාවලියට සහභාගී වෙන්න නම් තරගකාරියන් සියලු දෙනාට මේ වනවිට ක්‍රියාශීල විවාහ ජීවිතයක් තියෙන්න ඕන කියලා.  ඒ නිසා අපි ගිවිසුමකට අත්සන් කරන දවසට අපේ විවාහ සහතිකය සහ ස්වාමිපුරුෂයා මෙහි සාක්ෂි දරන්නා ලෙස එක්ක එන්න කියලා.  ඒ වෙලාවෙ සංවිධායක මණ්ඩලය කාරුණික ඉල්ලීමක් කළා   කවුරුහරි සුදුසුකම නොලබන කෙනෙක් ඉන්නවා නම් තරගාවලියෙන් ඉවත් වෙන්න කියලා.  මේ තරගයේ නීති රිති ඒකයි. “

“ඒ කාරණාව උඩ තමයි අපි විශ්වාසය මුලින්ම ඇති කරගත්තෙ. අපි සියලු දෙනාගෙ විවාහ සහතිකය හා ස්වාමිපුරුෂයා එක්ක එන්න සූදානමින හිටියා.     එහෙත් දෙවන වටයේ දි, ඒ කියන්නේ  ඔවුන් එම ගිවිසුම්පත අත්සන් කරන මොහොතේ දී මේ නීතිය  පිළිබඳ කිසිදු උනන්දුවක් දැක්වූයෙ නෑ. අපේ විවාහ සහතිකය හො ස්වාමිපුරුෂයා පිළිබඳ විමසීමක් කළේ නෑ. “

“ ඒත්  තරගාවලිය පුරාම අපිට විශ්වාසයක් තිබුණා කවුරු සහභාගී උනත් ඒ අය මේ සුදුසුකම දිගටම බලයි කියලා.  එත් සංවිධායක මණ්ඩලය විශ්වාසය කඩ කළා. තරගයට සහභාගී වූ සියලු දෙනාම දන්නව දිනන්නෙ එක්කෙනයි කියලා.   ගැටලුව තිබෙන්නෙ දිනුම ගැන නොවෙයි. මූලිකව ඉදිරිපත් කරලා තිබුණු  නීති මාලාව කඩ වීමයි.“

විනිසුරු මඩුල්ලේ විනිවිද භාවය පිළිබද ප්‍රශ්නයක් මතුවුණු බව මෙහිදී ප්‍රකාශයට පත් වූයේය. විනිසුරු මඩුල්ලේ කීප දෙනෙක් සිංහල භාෂාව නොතරෙන විදේශිකයන් බවත්, වේදිකාවේ දී සිංහල භාෂාවෙන් පිළිතුරු ලබා දුන් අයගේ පිළිතුරු පරිවර්තනය කිරීම සඳහා පරිවර්තකයෙක් නොසිටි බවත්, එම පිළිතුර ඔවුන් වටහා ගත්තේ කෙසේ ද යන්න ගැටලුවක් බවත් ඔවුහු කීහ. එමෙන්ම අවසන් වටයේ දී ලකුණු එකතු කිරීම සඳහා විගණන සම්බන්ධ විශේෂඥයෙක් මෙවැනි තරගාවලියදී සම්බන්ධ කරගන්නා නමුත් එවැන්නෙක් ද නොසිට බව ඔවුහු පෙන්වා දුන්හ.  එමෙන්ම එක් තැනැත්තියකට වාසි සහගත අන්දමට සියල්ල සැලසුම් වූ ආකාරයත් ඔවුහු හෙළිදරවු කළහ.

“බෙස්ට් සපෝටිව් හස්බන්ඩ් කියලා ගිය වසරේ ඉසව්වක් තිබුණා. ඒ ඉසවුව පැවැත්වුනේ නෑ. අපෙන් ඇහුවා ඒ ඉසව්වට කැමතිද කියලා. අති මහත් බහුතරය කැමති උනා. ඒ නිසා සංවිධායක මණ්ඩලය මුලින් එකඟවෙලා හිටියා ඒක පවත්වන්න. ඒත් ඒ ඉසව්ව පැවැත්වුවෙ නෑ. එක් තරගකාරියක් වෙනුවෙන් මේ තරගය සූදානම් වෙනව ද කියලා අපට ප්‍රබලව දැනුනෙ ඒ සිද්ධියත් එක්ක.“

රූ රැජන කිරුළ ගනවන විට පුෂ්පිකාගේ හිස තුවාල වුණාද?. එය නැගුණු පැනයකි. එයට පිළිතුරු දුන්නේ වේදිකාව මත පුෂ්පිකා දෙපස සිටි දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් රූමතියන්   දෙදෙනාය.

“ මේ අවස්ථාවෙ අපි දෙන්න හිටියා. අපි දැක්කේ කිරුළ රඳවා ඇති ක්ලිප් ගැලවීම විතරයි. ලොකුවට ඉන්ජරි අපි දැකපු විදිහට ලොකුවට ඉන්ජරි එකක්  උනේ නෑ. අපි දෙන්නම හිටියෙ තැතිගැන්මෙන්.

එමෙන්ම එතැන පරුෂ වචන වලින් බැනීමක් සිදු වුනේ නෑ. අඩුම ගානෙ කැරොලයින් ජූරි මයික් එකෙන් කිව්වෙ මොනවද කියලවත් පුෂ්පිකාට ඇහුනෙ නෑ. ඇය හිටියෙ අත් වනමින්.

“කැරොලයින් ඇවිත් ක්‍රවුන් එක ගැලෙව්වා. ගලවනකොට ඇහුවා පුෂ්පිකා ඇහුවා ඇයි ගලවන්නෙ කියලා. එතකොට ඇය කිව්වා ඔබ ඩිවෝස් කියලා. පුෂ්පිකා ඇහුව කවුද කියන්නෙ මම ඩිවෝස් කියලා. “ වචන එපමණයි. අපට ඇහුණ දේ. එතන ලොකු බහින්බස්වීමක් ඇති උනේ නෑ. පුෂ්පිකා වේදිකාවෙන් බැහැලා ගියා.

කැරොලයින් ජූරිට සහ චූලා මනමේන්ද්‍රට  ඇල්කහොල් භාවිතය ගැන චෝදනා එල්ල වී තිබිණි. ඊටත් පිළිතුරු දුන්නේ පුෂ්පිකා දෙපස සිටි රූමතියන්ය.

“ හෝල් එක ඇතුළට වතුර බෝතලයක්වත් ගේන්න දුන්නෙ නෑ පිටින්. වතුර බිවුවෙත් එලියට ගිහින්. චූලා හැම තිස්සෙම හිටිය තරගකාරිනියන් එක්ක ඔවුන්ව පුහුණු කරමින්. ඒ වෙලාවෙ ඇල්කොහොල් ගන්න තරම් මානසිකත්වයක් කිසිම කෙනෙකුට නෑ. කැරොලයින් හිටියෙ වී.අයි.පී සෙක්ෂන් එකේ. එතන ඇල්කොහොල් ගන්නවා කියන එක හිතන්න බෑ, ඇය අපට සුබ පැතුවා. ඇයගෙන් ඇල්කොහොල් ගඳක් වහනය වුනේ නෑ.

රූ රැජන ඔටුන්න පළඳවා පහුවෙනි දා එය ගලවා ගත් රූ මතිය මෙහිදී මෙසේ අදහස් දැක්වූවාය.

“තරගයක් කියන්නෙ නීති රීති පද්ධතියක් යටතේ. ඒ නීති රීති පද්ධතිය ආරක්ෂා වෙයි කියන විශ්වාසය අප හැමෝටම තිබ්බා.    මට ඔටුන්න පැළඳීම හා මගෙන් ආපසු ගැනීම ඉතාම දුඛිතයි. මම දන්නවා මේ තරගයට මා සහභාගී වූ විදිහ. ඒ නිසා මට එය පළඳවන අවස්ථාවෙ ප්‍රතික්ෂේප කිරීමේ අවශ්‍යතාවයක් තිබුණෙ නෑ…“

“ලෝක විවාහක රූ රැජන තරගයක් ලංකාවෙ සංවිධානය කිරීම ගැන චන්දිමාල් ජයසිංහට ස්තුතිවන්ත වෙන්න ඕන.   හැබැයි ඔවුන් අපට  මුල ඉඳන්ම තිබුණෙ කාටවත් ෆේවර් කරන්නෙ නෑ කියන එක සහතික උනා. ඒ විශ්වාසය උඩයි තරග කළේ.   මම කිසිම කෙනෙකුට දොස් කියන්නෙ නෑ. කරන හොඳමදේ අප ලඟ තියනවා. මට කිරුළ ලබා දී මට අද අහිමි වෙලා තියනවා. මින් ඉදිරියට තරගයට පැනවූ නීති රිති අනුව කටයුතු කරනවා නම් මම හිතන්නෙ නෑ කවුරුත් මේ ආකාරයට රැස් වේවි කියලා.“

අවසාන වශයෙන් ඔවුන් පවසා සිටියෙ කැරොලයින ජූරි යන්නට පර්යාය පදයක් ලෝකයේ නැති බවය. ඇය නියම රැජනක් වූ ආකාරය ඔවුහු කීහ.

“ලෝක ඉතිහාසයේ ගත්තම කිරුළ ගලවපු තැන් තියනවා. ප්‍රේමය වෙනුවෙන් විවාහය වෙනුවෙන් කිරුළ ගලවපු තැන් තියනවා.

නමුත් ලෝක කිරුළක් දරන කාන්තාවක් ලෝකයම ආදරය කරන කාන්තාවක් ලෝකයම පිලිගත්ත ලස්සනම විවාහක කාන්තාව ඒ අවස්ථාවෙ අයුක්තිය වෙනුවෙන් නැගී සිටි ආකාරය අප කාටවත් අමතක කරන්න බෑ.“

“ඇය ලෝක විවාහක රූ රැජන. ඇය ඒ වෙනුවෙන් කළ කැපකිරීම දැක්ක. ආපු බාධක දැක්කා. ඇය සමග මාස තුනක් වැඩ කළා.   ඇය තුළ තිබුනෙ නිරහංකාර නිහතමානි ගතිය   අප තුළ විශ්වාසයක් ගොඩනැගුවා. ඇය අපට සහතිකකර කිව්වා  සාධාරණ විනිශ්චයක්   ලැබුනෙ නැත්නම්  මම ඔබ සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටිනවා කියලා.   ඇය විශ්ව රූ රැජන. ඇය තමයි  අපේ රෝල් මොඩ්ල් එක.“

“කැරොලයින් ජූරි තනි පුද්ගලයෙක් නොවෙයි. ඇය තමයි සමස්ථ ශ්‍රී ලංකාව. අප වට කරන් ගහන්නෙ ජාතික වස්තුවකට. අවුරුදු 35කට ලෝක කිරුළක් අරන් ආපු ගෞරවණීය කාන්තාවකට. “

“ ඇය සියල්ල කළේ සාධාරණත්වයවෙනුවෙන්.  ඇයට ආපු ප්‍රෙෂර් එක අපි දැක්කා. ඇය ගන්න පුලුවන් හොඳම තීරණය ගත්තා. අපි හිතන විදිහට ඇය වැරදි තීරණයක් අරන් ආවා නම් රටට ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඉඩ තිබුණා. ඇය යහපත් නිරහංකාර රැජනක්. මේ ගැහැනිය පෙනී සිටියෙ නිවැරදි දේ වෙනුවෙන්. අප ඇය වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.“

අවසානයේ සියලු දෙනා එක්වර හඬ ගා ප්‍රකාශ කළේ ඔවුන් සියලු දෙනාම කැරොලයින් ජූරි වෙනුවෙන් පෙනී සිටින බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරාය නගරය පනතෙන් රටේ ව්‍යවස්ථාවට විධායකයට හෝ අධිකරණයට හානියක් නෑ – රජය කියයි

Next Post

අගමැති මුල්ව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හදිසියේ ජනපති එන්න තීරණ කරයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.